වසර 9 ක දිගු ගමනකින් පසු තම ගමනාන්තය වන ප්ලූටෝ අඟුටුමිටි ග‍්‍රහයා වෙත ළඟාවීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරයිසන් අභ්‍යාවකාශ පරීක්ෂක යානාව පසුගියදා සමත්විය.
2006 වසරේදී අභ්‍යාවකාශගත කෙරුණු නිව් හොරයිසන් මේ වන විට පවතිනුයේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 3 ක් පමණ ඈතිනි. එහි සිට එන පණිවුඩයක් පෘථිවිය වෙත ළගාවීමට පැය 4 - 5 වැනි කාලයක් ගතවන බව කියැවේ.
තම ගමනින් වැඩි කාලයක් නිව් හොරයිසන් සිටියේ ‘හේමන්ත‘ නින්දේය.නමුත් නාසා විද්‍යාඥයෝ වරින් වර එය අවදි කරවා තොරතුරු සොයා බැලූහ.
ප්ලූටෝ වෙත ළගාවුවද එහි කක්ෂයට ඇතුළුවීමට නිව් හොරයිසන් හට තවත් මාස 7 ක් පමණ ගතවනු ඇති බව සඳහන්ය.
සෞරග‍්‍රහ මණ්ඩලයට තවදුරටත් අයත් නොවූවද ප්ලූටෝ කෙරෙහි අභ්‍යාවකාශ විද්‍යාඥයින්ගේ ඇති උනන්දුව තවමත් නොසිඳී පැවැතෙන්නකි. විශේෂයෙන් එහි අසාමාන්‍ය කක්ෂයත්, උප ග‍්‍රහයා වන චාරොනුත් ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.
නිව් හොරයිසන් යොදාගෙන ප්ලූටෝ ගැන මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රාශියක් හෙළි කර ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
මේ කටයුතු සදහා නිව් හොරයිසන් මත පමණටත් වඩා උපකරණ තිබෙන අතර පාරජම්බුල කිරණ නිරීක්ෂක, අධි විභේදන කැමරා, ආදියෙන් එය සන්නද්ධය.
COMMENTS
බෙනට්, නාසා ආයතනයේ වැඩ කරන බහුතරය අාසියනුවෝ. ලංකාවෙත් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් අපේ රට අහිමි කරගත් වටිනා සම්පත්. (නදී)
බලමු මොනවද තියෙන්නේ කියලා.(හේ)
එහෙනම් ඒකත් ඔවුන් ජයගත්තා! (නි)
මේ තමයි ඇමෙරිකාවේ හොද පැත්ත. (ර)
අනේ එහේ අපි වගේ අය ඉන්නවාද දන්නේ නැනේද?(හේ)
අපේ දේශපාලකයෝ ටික එහෙට පටවමු අපිට මෙහෙ කරදරයක් නැතිව ඉන්න.(නදී)
ජෝතිෂ්‍යය සත්‍ය අසත්‍යද? මේ ග්‍රහයා ගැන දක්වා තිබෙන තොරතුරු අනුව කල්පනා කරන්න. (නදී)
මොන තරම් දියුණු තාක්ෂණයක් තියෙනවද නාසා ආයතනයට ? හිතත්දිත් පුදුම හිතෙනවා ... සැතපුම් බිලියන 3 ක් ඈත තැනකට හරියටම යානය අරින්නයි, එතරම් දුරකින් ඇති යානයක් පාලනය කරන්නයි, එහි සිට පණිවිඩ හුවමාරු කරගන්නයි හිතද්දීත් පුදුමයි (නදී)