IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ධවල මන්දිරයේ කොරෝනා බියක්

එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබාගත් ධවල මන්දිර නිලධාරියකුට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පවසා තිබේ.

'මා දැනුම් දෙන්න කැමතියි, අනුමත කළ එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් ධවල මන්දිර නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හෝ ධවල මන්දිරයේ ඉහළ පෙළ නිලධාරීන් සමඟ සම්බන්ධ වූ තැනැත්තෙක් නොවෙයි.' යැයි මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පැහැදිලි කර තිබේ.

අදාල නිලධාරියා සහ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඇති බවත්, ඔවුන් නිරෝධායනයට යොමු කළ බවත් පැවැසෙයි. ආසාදිත නිලධාරියාගෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හැර වෙනත් කිසිදු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. එම නිලධාරියා කොරෝනා පරීක්ෂණයකට යොමු කර ඇත්තේ ද මෙම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙනි. ආසාදිතය නිලධාරියාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත අනාවරණය කර නැත.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වැඩිම රට ලෙස තවමත් සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙමින් පවතී. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 68 කට වඩා වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.

එන්නත් ලබාගෙන තිබියදී 'කොවිඩ්19' වයිරසය සහ එහි විකෘති ප්‍රභේද ආසාදනය වීමේ ප්‍රවණතාවක් පවතී. එසේ වුවත්, කොරෝනා වයිරසය නිසා ඇතිවන සංකූලතා අවම කර ගැනීමටත්, රෝහල්ගතවීමට සිදුවීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමටත් එන්නත්වලට හැකියාව ඇති බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පෙන්වා දී තිබේ.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සියයට 80 කට වැඩි කොරෝනා ආසාදිතයන්ට ආසාදනය වී ඇත්තේ 'ඩෙල්ටා' ප්‍රභේදය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

ධවල මන්දිරයේ කොරෝනා බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site