IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෝම සිහිවටනයක් මුදලාලිගේ සාක්කුවට

රෝම අධිරාජ්‍යයේ ඉතිරි සිහිවටන රාශීයක් පෞද්ගලික සමාගම් වල බලයට නතුවන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඉතාලි විද්වත්හු අනතුරු අගවති.

රෝම අධිරාජ්‍යයේ පාලකයින් පිනවීම සදහා තරග පැවැත්වුණු කොලෝසියම,පොම්පේයි නගරය,ට්‍රෙවි උල්පත වැනි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන රැසක් මේ උවදුරට මුහුණදී ඇති බව පැවසේ.

මෙයට පසුබිම වී තිබෙන්නේ මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් සැපැයිය නොහැකි තත්ත්වයක සිටින ඉතාලි රජය එම කටයුතු පෞද්ගලික සමාගම්,දානපතියන් ආදීන්ගෙන් ලබාගන්නා මුදල් ආධාරවලින් සිදුකිරීමයි.

මෙම ලබාගන්නා ආධාර වලට කෘතගුණ සැළැකීමක් වශයෙන් එම සමාගම් හා පුද්ගලයින්ට එම ස්ථාන ඇසුරේ වෙළද දැන්වීම් වැඩසටහන් පවත්වාගෙන යෑමට,වෙළද සැල් හා පෞද්ගලික කෞතුගාර ඉදිකිරීමට ඉතාලි රජය අවසරද ලබාදී තිබේ.

විද්වතුන් බියපත්ව සිටින්නේ මේ අවසරයෙන් සමාගම් හා පුද්ගලයින් මෙම පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ගසාකමින් මුදල් ඉපැයීමට කටයුතු කරනු ඇතැයි සිතාය.

දැනටමත් එසේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුදලින් දායක වුණු සමාගම් කිහිපයකට ඒවායේ වෙළද ප්‍රචාරණ වැඩසටහන් වලට එම ස්ථානයන් භාවිතා කිරීමේ අවසරය ලබාදී ඇත.

නිවැරදි ක්‍රමය වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාලි රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවීම වුවත් ‘‘මුදල් ලැබෙනවානම් ඕනෑ දෙයක්‘‘යන ස්ථාවරයක සිටින රජය මෙයින් ඇතිවය හැකි අහිතකර තත්ත්වයන් නොසළකා හැර ඇතැයි විද්වතුන් කියයි.

නමුත් ඉතාලි රජය අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මේ සියල්ල සදහා වන වියදම් තමන්ට තනිව දැරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

මෙනිසා කිසියම් පුද්ගලයෙකු හෝ සමාගමක් හෝ විශාල මුදලක් පිරිනමා මෙම ස්ථානයන් ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත්වන්නේ නම් එයට බාධා කිරීමේ ඵලයක් නැති බව රජයේ අදහසයි.

ඔවුන්ගේ සහයෝගය ඇගැයීමට සීමා මායිම් වල සිට ඔවුන්ට කැමැති ක්‍රියාකාරකමක යෙදීමට අවසරය ලබා දිය යුතු වන්නේ නොවේදැයි රජය විමසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දැනට රෝමයේ කොලෝසියමේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට ඩොලර් ලක්ෂ 330 කින් දායකවී සිටින ඉතාලියේ ප්‍රකට සම්පාවහන් නිශ්පාදකයෙකු වන ටොඩ් හි ප්‍රධානී ඩෙලා වෙල් පවසන්නේ කිසියම් සමාගමක් රටක ඓතිහාසික ස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් ආධාරයක් ලබා දුන්නේයැයි කියා එම ස්ථානය සමාගමේ වුවමනාවට යොදාගනී යැයි අනියත බියත් ඇතිකර ගැනීමට වුවමනාවක් නොමැති බවයි.

ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එවන් ආධාරයක් කිරීමට තරම් ශක්තිමත් සමාගමක් රටේ තිබීම ගැන ආඩම්බර වීමත්,අනාගතය සදහා රටේ වටිනා ස්ථානයක් කෙසේ හෝ ආරක්ෂා වීම ගැන සතුටු වීමත් යැයි ඔහු කියයි.

කෙසේ නමුත් සමාගම් වල අභිප්‍රාය තමන් දන්නා බව කියනා ඉතාලි විද්වතුනට මෙන්ම සිවිල් සංවිධාන රැසකට උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු පැහැදීමක් නොමැත.

ඉදිරියේදී කුමක් සිදුවනු ඇත්දැයි තමන් විමසිල්ලෙන් සිටින බවත් පමණ ඉක්මවා කටයුතු කිරීමට රජය හෝ මෙම සමාගම් සැරසෙන්නේ නම් ඊට එරෙහිව වහා පියවර ගන්නා බවත් ඔවුහු පවසති.

Colosseum Doge-Palace Pompeii Trevi-fountain



අදහස් (0)

රෝම සිහිවටනයක් මුදලාලිගේ සාක්කුවට

නන්ද Wednesday, 10 September 2014 03:38 AM

අපිටත් මෙහෙම වැඩ දෙන්න පුළුවන්. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:46 PM

අපුරු නිර්මාණ (නි)

:       0       0

කුමාර Wednesday, 10 September 2014 02:51 PM

ඉතාලියට රැකියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය තේරුම් ගන්න මේක තමා අද නියම තත්වය .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13524 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site