IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජපාන පාලක පක්ෂ නායකත්වයට සුගා

 

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ සමීපතමයකු වන යොෂිහිඩේ සුගා එරට පාලක පක්ෂයේ නායකත්වයට පත්ව ඇත.

පක්ෂ නායකයා තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් ලබමින් සුගා එලෙස ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර ඒ අනුව හෙතෙම මේ සතියේදී ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි පැවසේ.

යොෂිහිඩේ සුගා ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා වන අතර මේ වනවිට 71 වැනි වියේ පසුවෙයි. පක්ෂ නායකයා තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන්, ඡන්ද 534න් ඡන්ද 377ක් දිනාගැනීමට දිනාගැනීමට සුගා සමත් විය. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා ලෙස අනුගමනය කළ ආර්ථික හා විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද සුගා පවසා ඇත.

ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ය. එබැවින් ජපාන පාර්ලිමේන්තුවේ දී අනිද්දා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් සුගා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි පැවසේ. පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ සුගා, අබේ ගේ ධුර කාලය ද සම්පූර්ණ වන අයුරින් සැප්තැම්බර් 21 වැනිදා දක්වා පක්ෂ නායකත්වය දරනු ඇත.

පක්ෂ නායකත්වයට පත්වීමෙන් අනතුරුව, සුගා හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට සුබ පැතුම් ද එක් කළේය. ෂින්සෝ අබේ යනු ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා ය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් හෙතෙම පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. හෙතෙම අවුරුදු අටකට ආසන්න කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

 

රොයිටර්

055



අදහස් (0)

ජපාන පාලක පක්ෂ නායකත්වයට සුගා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site