එක් අවුරුදු වියැති බ්‍රිතාන්‍යය ජාතික මැක්ස් ප්‍රයිස් පිරිමි දරුවෙකි. සමාජ සම්මතයට අනුව මැක්ස් පැළදිය යුත්තේ කළිසම් හා කමිසය.සෙල්ලම් කළ යුත්තේ කොලූ සෙල්ලම් බඩු වන ට්‍රක් රථ හා කෝච්චි වැනිදේ සමග පමණය. කොල්ලෙකු නම් නාහෙට නාහන ගතියක්ද පෙන්වූවාට කම් නැත.

එහෙත් ඔහුගේ මවුපියෝ එකී සමාජ සම්මතයන්ට අභියෝග කර ඇත්තාහ. ඔවුන්ට අනුව ගැහැණු ළමයෙකු ලෙස හැසිරෙන්නේද,පිරිමි ළමයෙකු ලෙස හැසිරෙන්නේද යන අයිතිය ඇත්තේ මැක්ස්ට මිස සමාජයට නොවේ.

මෙනිසා ඔවුන් මැක්ස්ට ගවොම් ඇදීමට,බෝනික්කන් හා සෙල්ලම් කිරීමට,තේ සංග්‍රහයන් පැවැත්වීමට ආදී කෙල්ලන්ට පමණක් යැයි සමාජයම සම්මත කර ඇති ක්‍රියාකාරකම් වල යෙදීමටත් අවස්ථාව ලබා දී ඇත.

කළිසම් ඇද තම ට්‍රක් රථ හා සෙල්ලම් කරමින් සිටින මැක්ස් එක්වනම උඩ තට්ටුවට දිවගොස් යළි පැමිණෙන්නේ ගවොමකින් සැරසීගෙනය.අනතුරුව තම බෝනික්කන් අතට ගන්නා හේ උන් සමග සෙල්ලමට වැටේ.

‘ඔහුට අවශ්‍ය ගවොම් ඇදීමට නම් ඇදපුවාවේ.මට කමක් නැහැ ඔහු මොනවා ඇන්දත්.ඔහුට වුවමනා දෙය මම ගෙනත් දෙනවා‘ යැයි පවසන්නේ මැක්ස්ගේ පියා වන මාර්ටින්ය.

මාර්ටින් හා ලීසා දෙපළට අනුව ස්තී්‍ර දුූෂණ වැනි ලිංගිකත්වය මුල් කරගෙන සිදුවන සමාජ විරෝධී කි්‍රයා බොහෝමයකට හේතුව ගැහැණු හා පිරිමි ලෙස සමාජය ඛෙදීම් ඇතිකරගෙන සිටීමයි.

‘පිරිමි කිව්වහම එක්වරම දැඩි දරදඩු පින්තූරයක් තමයි මැවෙන්නේ.ඒ තමා සමාජය අපව සකස් කරලා තියෙන විදිහ.ගැහැණු මේකේ අනිත් පැත්ත.ඉතින් මේ දෙගොල්ලෝ අතර ගැටුම් ඇතිවන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ‘ යැයි මැක්ස්ගේ මව වන ලීසා කියයි.

වයස ගෙවී මැක්ස්ට පාසැල් යාමට කාලය උදා වූ විට ඔහු අදින්නේ කළිසම්ද ගවොම්ද යන ගැටලූවටත් පිළිතුරු ඔවුනට ඇත.

‘ඔහුට කැමති දෙයක් අදින්න පුලූවන්.මම ඔහුව ගෙදර තියාගෙනයි අධ්‍යාපනය දෙන්න අදහස් කරගෙන සිටින්නේ.නමුත් ඔහුගේ කැමැත්ත පාසැලකට යන්න නම් එහෙම වුනාවේ.ඔහු යන්න කැමති ගවොමක් ඇදගෙන නම් ඒකටත් මගේ විරුද්ධත්වයක් නැහැ‘ ලිීසා කියයි.

කුඩා කල සිටම මෙසේ ගැහැණු පිරිමි සමාජ සම්මතයන් දෙඇසුරේම වැඩීමට කුඩා දරුවන් යොමු කිරීම 1970 වසරේදී මුලින්ම සිදුවූවකි.එවක මෙය ජනපි්‍රයව තිබුණේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නන් අතරය.

‘මට කමක් නැහැ මගේ පුතා කවරෙකු වුනත්.මම ඔහුට නිදහස දීලා තිඛෙනවා.ඔහුට කැමති කෙනෙකු විය හැකියි.ඔහු මගේ දරුවා.ඔහු සමාජ සම්මතයෙන් වෙනස් වුනා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ‘ ලීසා පවසයි.