රුසියාවත් ඉරානයත් අතර මින් ඉදිරියට පැවැත්වෙන ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට දෙරටම පෙරේදා (21) තීරණය කළේය. න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාව සමඟ පවත්වන වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිතයට නොගැනීමට තමන් තීරණය කළ බවත් රුසියාව ද ඊට එකඟ වූ බවත් කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවර සිටින ඉරාන තානාපතිවරයාය. ඇමෙරිකන් ඩොලරය වෙනුවට තම රටවල මුදල් ඒකක වෙළෙඳ ගනුදෙනුවලදී යොදා ගැනීමට ඉරානයත් රුසියාවත් එකඟ වී ඇති බව ද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමෙරිකාවේ අනුබලය මැද මේ වනවිට අවස්ථා හතරකදී ඉරානයට එරෙහි සම්බාධක පනවා ඇත. ඊට අමතරව ඇමෙරිකාව ද ඉරානයේ තෙල් වෙළෙඳාමටත් ආර්ථිකයටත් වෙනමම සම්බාධක පනවා තිබේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි