IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


නේටෝ සැපැයුම් යළි ඇරැඹුවොත් බලාගෙනයි

පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු, පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා  නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් ඝාතනය වීමේ සිද්ධියෙන් පසු, වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කළහොත් පාකිස්තාන ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට,  තලේබාන් සටන්කාමීහු ඊයේ (26) අනතුරු ඇඟවූහ. පාකිස්තාන තලේබාන්වරුන් එම අනතුරු ඇඟවීම කළේ, බිඳ වැටුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය.  නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවැත්විණි. ජනපති ඔබාමා සහ පාකිස්තාන අගමැති අතර හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ දකුණු කොරියාවේ සෝල් නුවර න්‍යෂ්ටික ආරක්ෂක සමුළුව අතරතුරේදීය. ඉකුත් වසරේ ඇමෙරිකන් සහ නේටෝ හමුදා එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරයෙන්, මියගියෝ පාකිස්තාන/ ඇෆ්ගන් දේශ සීමාවේ පාකිස්තානයට අයත් ප‍්‍රදේශයේ හමුදා මුර පොළක සිටි පාකිස්තාන හමුදා සෙබළුය. එම ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පාකිස්තාන රජය, එරට කරච්චි වරාය නගරයේ සිට කඳුකරය ඔස්සේ, දේශ සීමා හරහා, ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යන සැපැයුම් මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමීය. ඉන්පසු ඇමෙරිකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාකිස්තාන රජය අතර අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැතියද බිඳ වැටුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට නොහැකි විය.



අදහස් (0)

නේටෝ සැපැයුම් යළි ඇරැඹුවොත් බලාගෙනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 865 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site