IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැන් ප්‍රැන්සිස්කෝ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රහාරයක්

සැන් ප්‍රැන්සිස්කෝ ප්‍රවාහන ආයතනයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වු කණ්ඩායමක් එම පද්ධති ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි.එම ආයතනයේ පරිගණක 2000ක් පමණ මෙලෙස අවහිර වූ අතර මේ හේතුවෙන් නගරය පුරා ඇති ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර සියල්ල ක්‍රියා විරහිත කළ බව ආයතන බලධාරීහු කියති.

එම ආයතනය නගරයේ දුම්රිය,බස් සේවා ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් පාලනය කරයි.

මෙලෙස අනවසරයෙන් ඇතුළු වු කණ්ඩායම පරිගණක ක්‍රියාවිරහිත කර ඇත්තේ “හැක් කර ඇත.දත්ත අප සතුයි.අප අමතන්න“යැයි පණිවුඩයක් සඳහන් කරමිනි.සම්බන්ධ වීම සඳහා වෙබ් ලිපියනයක් ද සඳහන් කර තිබිණි.ඔවුන් ඒ සඳහා ඩොලර් 70000ක්(රුපියල් 10,338,300) ඉල්ලු බව ආයතන නියෝජිතයෝ පැවසුහ.

මේ හේතුවෙන් තම පාරිභොගිකයන්ගේ අනන්‍යතාවයට කිසිම ගැටළුවක් ඇති නොවු බව ඔවුහු පවසති.මේ ගැන පරීක්ෂණයක් සිදුකරන බවද කියති.



අදහස් (0)

සැන් ප්‍රැන්සිස්කෝ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රහාරයක්

ටෙනිසන් Monday, 05 December 2016 02:17 AM

ලංකාදීපයට ස්තුතියි මේ ආරංචි වලට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site