පුටුවේ වාඩි වී පැය ගණන් ගත කරන පුද්ගලයින්ට ඉහළ සෞඛ්‍ය අවදානමක් ඇතැයි ඇමරිකා පර්යේෂක පිරිසක් සිදුකර තිබෙන අධ්‍යනයකින් අනාවරණයව තිබේ.
එවන් පුද්ගලයින්ට දියවැඩියාව,අධික රුධිර පීඩනය,හිසරදය,සන්ධි ප‍්‍රදාහ වැනි රෝග වල සිට ඉතා බරපතල තත්ත්වයන් වන පිළිකා පවා ඇතිවිය හැකියැයි පර්යේෂක පිරිස සොයාගෙන ඇත.
බොහෝ වේලාවක් ඉදගෙන කාලය ගත කිරීමේදී පාදවලට සිදුවන රුධිර ගමනාගමනය යම් පමණකට හෝ අවහිර වීම මෙවන් තත්ත්වයන් ඇතිවීමට හේතුව යැයි පර්යේෂක පිරිස කියයි.
ඉදගෙන සිටින ආකාරය අනුවද ඇතිවන රෝගී තත්ත්වයන් ඔවුන් තම අධ්‍යනයෙන් පෙන්වා දී තිබේ.කුදු වී හිදගෙන වැඩ කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට නිරන්තරයෙන් ඇතිවන හිසරදය හා ඇගපත කැක්කුම් වැනි රෝග වලින් පීඩා විදීමට සිදුවනු ඇතැයි කියන ඔවුන් එයට හේතුව ලෙස පෙන්වා දී තිබෙන්නේ කුදු වී වැඩ කරද්දී ගෙල පෙදෙසේ පිහිටන ස්නායූන් මත හා පිට පැත්තේ පිහිටන මාංශ පේෂීන් මත යෙදෙන අමතර පීඩනයයි.මේ අමාරුකම් කල් ගතවීමේදී නිදන්ගත වන තත්ත්වයටම පත්වීමේ අවදානමක් ඇතැයි සදහන්ය.
තවද කුදු වී හිදගෙන වැඩෙහි යෙදෙද්දී කෂේරුව සකස් වී ඇති අස්ථි අතර පිහිටන කාටිලේජ ලිස්සා යා හැකි බව කියන ඔවුන් එමගින් කොන්දේ හැඩය අක‍්‍රමවත් වීමට ඉඩ ඇතැයි පවසයි.
බරපතල රෝගී තත්ත්වයන් වන පිළිකා හා මොළයේ ආබාධයන් ඇතිවීමද වැඩි වේලාවක් හා නිවැරදි ඉරියව්වෙන් තොරව ඉදගෙන සිටීමෙන් ඇති වන්නේ යැයි පර්යේෂක පිරිස කියයි.කෙසේ නමුත් මෙවැනි තත්ත්වයන් වක‍්‍රව ඇතිවන ඒවා බව අධ්‍යන වාර්තාවේ දැක්වේ.
පිළියම් ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ විනාඩි කිහිපයකටවත් හෝ නැගිට එහා මෙහා ඇවිදීම යෝග්‍ය වන බවයි.එමගින් අන්තරාය තත්ත්වයෙන් මිදීමට හැකි බව පර්යේෂක පිරිස පවසයි.
2025 නොවැම්බර් මස 17
58
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
894
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුටුව ලෙඩ ගොඩකට අත වනයි