උතුරු කොරියාව මහාද්වීපික මිසයිල කිහිපයක් ඊසාන දිග වෙරළ තීරයේ දී අත්හදා බලා ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට න්‍යෂ්ටික හා මහද්වීපික මිසයිල තාක්ෂණය වැඩි දියුණු කිරීම තහනම් කිරීමේ නියෝග ද පනවා තිබේ. එහෙත් පසුගිය මාස කිහිපයේදී උතුරු කොරියාව වරින් වර මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා විය.
ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ මේ සම්බන්ධව තදින්ම විරෝධය පළ කරන බවයි. මෙම තත්වය ජපානයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවත් ඔහු කියයි.
ඇමරිකාවද ඊට විරෝධය පළකර සිටින බව ප්‍රකාශ කර ඇත.
උතුරු කොරියාව ආසන්න රටවලට ප්‍රහාර එල්ල කිරීමට ඇති සූදානම පිළිබඳව මෙයින් අනතුරු අඟවන බව විචාරකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දේ පණ කොච්චරද කියනවා නම් රටේ වැසියෝ හාමතේ.උතුරු කොරියාව රතිඤ්ඤා පත්තු කරාම දකුණු කොරියාවේ ඉන්න ලාංකිකයින්ටත් කොන්දෙ පණෙන් හොඳ කලක් යන්නෙ නැතෑ.(අ)
උතුරු කොරියාවේ මිනිස්ස්සු ගැන නොදන්නවා උනත්, අපිට වඩා දියුණු පහසුකම් තියෙන නගර තියෙනවා, දකුණු කොරියාවේ මිනිස්සු ගොඩක් දියුණු බව ඇත්ත, වෙන රටවලට මේවාගේ අත්හදා බැලීම් කරන්න, යුද්ද කරන්න, එම යුද්ද වලදී මානව හිමිකම් කඩවෙන්න බැරි සහ තහනම් උනාට, ඇමෙරිකාව වගේ රටවල් න්‍යෂ්ටික අවි හොයන්න ඉරාකේ වගේ රටවලට ගහල නිරායුද මිනිස්සු දහස් ගනන් මරල, අවසානයේදී හොයාගත්ත අවියකුත් නැති උනත්, ඒවාට මානව හිමිකම් කඩවීම් නෑ, යූ.එන් එක ඒවා දන්නෙත් නෑ, තුන්වෙනි ලෝක යුද්දයක් ඇති නොවීම ගෙන පුදුමයි.(රේ)
ප්‍රශ්න ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න! (නි)
උතුරු කොරියාව ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. අපි එය ආදර්ශයට ගන්න ඕනෑ. ඒ ලෝකේ බලවත් රටවල් වලට හිස නොනමා, බලවත් රටවල බෝම්බයට ඔවුන්ගේ රතිඤ්ඤා කරලක් හරි පුපුරුවා පෙන්වා, කොන්ද පන ඇතුව සිටීම ගැන (නි)
බලන්න උතුරු කොරියාව ‘කොස් ඇටයක්‘ පුපුරවපු ගමන් අහළ පහළ ඔක්කොම කෙළිකාරයෝ බයවෙලා කුලප්පු වෙන හැටි. අපිත් ඔය වගේ උඩ යවන්න පුළුවන් රතිඤ්ඤා කරලක් හරි ගත්තොත් අල්ලපු රටේ ගෙම්බර් වලට බය නොවී ඉන්න පුළුවන්. (නි)