ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 40 ක අලාභයක් සිදු කළ ‘2ජී’ වර්ගයේ ජංගම දුරකතන බලපත‍්‍ර නිකුත් කිරීමේ වංචාවට සම්බන්ධ යැයි චෝදනා ලැබ මාස හයකට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ දියණිය මෙන්ම ඉන්දීය ලොක්සභා මන්තී‍්‍රවරියක ද වන කනිමෝහීට පෙරේදා (28) ඇප නියම කෙරුණි.ඇයට ඇප නියම වූයේ එම දුරකතන බලපත‍්‍ර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විධායක අධ්‍යක්ෂකවරුන් පස් දෙනකුට ඇප ලබා දීමට නවදිල්ලි මහාධිකරණය තීන්දු කිරීමත් සමඟය.ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 40 ක පාඩුවක් සිදුවූ බව පැවැසෙන එම ජංගම දුරකතන වංචාව සිදුවූයේ කරුණානිධි තමිල්නාඩුවේ මහ ඇමැතිව සිටිද්දී, ඔහුගේ ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම් පක්ෂයේ ඒ. රාජා, ඉන්දීය විදුලි සන්දේශ ඇමැති ධුරය හොබවද්දීය. රාජා ද මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියි. කනිමෝහී එම දුරකතන බලපත‍්‍ර නිකුත් කිරීමේ වංචාවට සම්බන්ධ යැයි ප‍්‍රකාශ කළේ රාජා ය. ඒ අනුව ඉන්දීය අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීහු කනිමෝහී අත්අඩංගුවට ගත්තේ ඉකුත් මැයි 20 වැනිදාය.
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
883
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දීය රජයට ඩොලර් බිලියන 40 ක අලාභයක් කළ ජංගම දුරකතන වංචාව: