ඉන්දීය රජයේ දූෂණ වංචාවලට විරෝධය පළකරමින් දහස් ගණනක් අනුගාමිකයන් ද පිරිවරා ගෙන නවදිල්ලි පාර්ලිමේන්තුව තෙක් විරෝධතා පෙළපාළියක් යෑමට උත්සහ කළ යෝග ගුරුවරයකු වන බාබා රාම්දේව් පෙරේදා (13) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. බාබා රාම්දේව් ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරව නවදිල්ලි නුවර පිහිටි කී‍්‍රඩාංගනයක් වෙත ගෙන ගිය බවත් එම අවස්ථාවේදී මාර්ගය දෙපස රැස්ව සිටි පිරිස් ‘ඉන්දීය මාතාවට ජයවේවා’ යැයි කියමින් රාම්දේව්ගේ විරෝධතාවට සහාය පළ කර ඇති බවත් වාර්තා වේ. ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය රාම්දේව් තම දේශපාලන අරමුණු සාක්ෂ්‍යාත් කර ගැනීම පිණිස යොදා ගන්නා බවට ඉන්දීය පාලක පක්ෂය චෝදනා කරයි. ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස බාබා රාම්දේව් ප‍්‍රකටය. ඔහු ගාන්ධි අනුගාමික අන්නා හසාරේ සමඟ ද ඉන්දීය රජයට එරෙහි විරෝධතා සහ උපවාස පවත්වා ඇත. අගමැති සිංගේ රජය දූෂණ වංචා නැවැත්වීමට අපොහොසත් බවත් ඉන්දියානුවන් සැවොම එක් වී රජයට එරෙහිව නැගී සිටිය යුතු වත් බාබා රම්දේව් පවසයි. රම්දේව් මීට පෙර අවස්ථා කිහිපයකදී ද රජයට එරෙහිව විරෝධතා පෙළපාළි යෑම හේතුවෙන් අත්අඩංගුවට පත් ව ඇත.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය රජයේ දූෂණවලට විරෝධය පෑ බාබා රාම්දේව් පොලිස් අත්අඩංගවේ
මධු Wednesday, 15 August 2012 12:47 PM
ලංකාවේ නම් කිහිප වරක් විරෝධතා තියන්න බැහැ. දෙවන වතාවේ සුදු වෑන් එනවා. ඇවිත් ඉතිං? (නි)
ද සිල්වා Wednesday, 15 August 2012 04:06 PM
ඔය බබාට ලංකාවට ආවා නම් ඉන්දියන් ආණ්ඩුවට විරුද්දව විරෝධයක් තියලා සමුළුවකුත් මෙහේ බබාලත් එක්ක කිසිම කරදරයක් නැතුව පවත්වන්න තිබුනණේ. (ස)