සිරියා ජනපති බෂීර් අල් අසාද් මිනීමරනවා යැයි රජයෙන් වෙන්වී එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කැරැලිකරුවන් සමඟ එක්වූ අගමැති රියාඞ් හිජාබ් පවසයි. හිජාබ්, සිරියා රජයෙන් ඉවත් වී කැරැුලිකරුවන් සමඟ එක්වූ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (06) හොර රහසේම පවුලේ අයත් සමඟ අසල්වැසි ජෝර්දානයට පළා යෑමෙන් පසුවය. සිරියා ජනපතිගේ රජය සමූල ඝාතන සිදු කරද්දී ඒවා දැක දැක තවත් බලා සිටීමට නොහැකි නිසා තමා සිරියාවෙන් පළා ආ බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වූ බවත් රජය පෙරළන්න හදන කැරැුලිකරුවන්ට තමන් සහාය දක්වන බවත් හිජාබ් කියා සිටී. රජයෙන් වෙන් වූ හිජාබ් කැරැලිකාර පාර්ශ්වය සමඟ එක් වීමෙන් පෙනී යන්නේ අසාද්ගේ රජයේ ඇද වැටීම යැයි ඇමෙරිකාව පවසයි. ජනතා හඬට කන් දී බලය අතහැර රටින් පිටවීමට තවමත් ප‍්‍රමාද නැතැයි ද ඇමෙරිකාව සිරියා ජනපති අසාද්ට පවසා ඇත.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිරියා ජනපති අසාද් මිනීමරනවා: කැරැලි පිලට එක් වූ අගමැති කියයි
නලින් Wednesday, 08 August 2012 11:06 AM
ටික දවසකින් මතක නැහැ කියයිද දන්නේ නැහැ (දී)
අමරා Wednesday, 08 August 2012 09:24 PM
ඒත් එයා කිවුවොත්, "අනේ මට මතක නැහැ" කියලා? (නි)
තිලක් Wednesday, 08 August 2012 11:44 AM
දෙපැත්ත කන නයි (දී)
ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 02:46 AM
වැඩේ වැරදීගෙන එනකොට හෙමින් මාරු වෙනවා නේද? (නි)