උතුරුදිග ඉරාකයේ කුර්දි බහුතරයක් වෙසෙන කර්කුක් නුවර පොලිස් ස්ථානයකට පෙරේදා (12) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඊට 10 දෙනෙක් බිලිවූහ. 98 දෙනෙක් තුවාල ලැබූහ.
පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කාන්තාවන් සිව් දෙනකු ද ජීවිතක්ෂයට පත් වූවන් අතර සිටින බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.
පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ පාසලක් අසලය. බෝම්බකරු පොලිසියට කඩා වැදී බෝම්බය පුපුරුවා ගනිද්දී පාසල නිම වී නිවෙස් බලා යමින් සිටි සිසුවියන් පිරිසක් ද ඊට හසු වූ බව ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd