ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ ප‍්‍රධානීන් ද සමඟ තලේබාන් සංවිධානයට එක් වූ බව ඇෆ්ගන් රජය පවසයි. මීට සති කිහිපකට පෙර ද පොලිස් නිලධාරීහු 30 කට වැඩි පිරිසක් තලේබාන් සංවිධානය සමඟ එක් වූහ. ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් තලේබාන් සංවිධානය සමඟ එක් වීම රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා 2014 වසරේ දී සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කොට ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිතව සිටින්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරා දෙමින්ය. මේ අතර තලේබාන් සටන්කාමීහු ඊයේ (7) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පග්මාම් ප‍්‍රදේශයේ මගී බස් රියක් ඉලක්ක කර ගනිමින් ද බෝම්බයක් පුපුරුවා හැරියහ. දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරි එම බෝම්බයට ඇෆ්ගන් සිවිල් වැසියෝ 8 දෙනෙක් බිලිවූහ. 10 දෙනෙක් තුවාල ලැබූහ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙමත් තලෙයිබාන් පාලනයක් පැමිණියහොත් ඉන්දියවත් සමග යුද්ධයක් ඇති කර ගනීවිද? (නි)