ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොළොම්බස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මෝටර් රථයකින් පැමිණි එම පුද්ගලයා මස් කපන පිහියක් රැගෙන සිසුන්ට ඇනීමට තැත් කර ඇතැයි ද ඔහුගේ පිහි පහරට ලක්වූ 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද කියති.
මෙම ප්‍රහාරයට පැමිණි තරුණයා සෝමාලියා ජාතිකයකු බවත් ඔහුට ඇමරිකාවේ දැනට පදිංචිව සිටින බවත් වාර්තාවේ.
තුවාල ලැබූ 11 දෙනා රෝහල් ගත කරනු ලැබ ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් කියති. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැති බවද ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.
විශ්ව විද්‍යාලයට අනුබද්ධ පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගිය බව ඇමරිකා පොලිසිය සඳහන් කරයි.
විශ්ව විද්‍යාලයේ ආරක්ෂක ප්‍රධානී මොනිකා මොල් සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන අබ්දුල් රසාක් අලි අර්තාන් නමැත්තකු බව කියති.
2025 දෙසැම්බර් මස 04
259
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෝමාලි තරුණයෙක් ඇමරිකා සරසවියක යකා නටයි
නුවන් Tuesday, 29 November 2016 07:32 AM
සාමයේ ආගමේ පණිවිඩය අපි ලොවට බෙදා හරිමු! (බ)