
රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝව් දකුණු අප්‍රිකාවේ සංචාරයකට පැමිණියේය. දකුණු අප්‍රිකා රජය වෙනුවෙන්, රුසියන් විදේශ කටයුතු අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ දකුණු අප්‍රිකානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යවරිය නලේදී පැන්දෝර් විසිනි.
යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමත් සමඟ බටහිර රටවල් සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබේ. රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට එරෙහිව යෑමට නොහැකි බව දකුණු අප්‍රිකාව අවස්ථා ගණනාවකදී බටහිර රටවලට පැහැදිලි කර තිබේ. රුසියාව සැමවිටම දකුණු අප්‍රිකාවේ මිතුරකු යැයි අමාත්‍ය නලේදී පැන්දෝර්, රුසියන් විදේශ අමාත්‍යවරයා පිළිගනිමින් පවසා තිබේ.
රුසියානු චීන නාවික හමුදාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර, තමන් ද ඊට සහභාගී වන බව දකුණු අප්‍රිකා රජය පවසා තිබේ. එම කටයුතු සම්බන්ධයෙන් ද චීන විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ නලේදී පැන්දෝර් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.