( සුමිත් පොතුපිටිය )
මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි .
මෝටර් රථය පැදවූ කාන්තාව සිය දෙහැවිරිදි දියණිය සමග දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිදුවා ගෙන නිවසට යාම සදහා කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියදුරු අසුනට පැන ඇති බවත් , ඒ අනුව රථය ඇයගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
ඒ අනුව මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අසල ගමන් කරමින් සිටී පදිකයෙකුගේ ද ගැටී ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයකද ගැටී ඇති බව පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් කීය.
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිටී බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයෙකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලිසිය සදහන් කරයි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී
Chandana Sunday, 15 June 2025 03:46 PM
කාර්/වැන් වල Child seat අනිවාර්ය කළ යුතුයි...