ඊජිප්තු පාපන්දු කී‍්‍රඩා සමාජ දෙකක් අතර පෙරේදා (2) රාති‍්‍රයේ පැවැති තරගයක් අතරතුරේ හටගත් දරුණු ගැටුමකින් පුද්ගලයෝ 75 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලැබූ ගණන 150 කි. තුවාල ලැබූවන්ගෙන් 45 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ගැටුම හටගත්තේ ඊජිප්තුවේ මධ්‍යධරණී නගරයක් ලෙස සැලකෙන පෝට් සේඞ් නගරයේ පාපන්දු කී‍්‍රඩාංගණයේය.
පාපන්දු තරගය පැවැත්වුණේ ‘අල් මස්රි’ සහ ‘අල් අහ්ලි’ යන කණ්ඩායම් දෙක අතරේය. අල් මස්රි සහ අල් අහ්ලි යනු ඊජිප්තුවේ වඩාත් ප‍්‍රකට පාපන්දු කණ්ඩායම් දෙකය.
පෝට් සේඞ් නගරයේ පාපන්දු පිල අල් මස්රි කණ්ඩායමයි. අල් අහ්ලි යනු කයිරෝ නුවර පාපන්දු කණ්ඩායමකි. පෙරේදා රාති‍්‍රයේ පැවැත්වුණේ ඊජිප්තු ලීග පාපන්දු තරගාවලියේ එක් තරගයකි. සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පසු පාපන්දු තරගාවලිය අවලංගු කර දමා ඇතැයි ද වාර්තා වේ.
තරගයෙන් වැඩි වාසි අත්වුණේ අල් අහ්ලි පිලටය. එහෙයින් කෝපයට පත් අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන් කී‍්‍රඩාංගනයේ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීහු පෙරළා ගෙන පිටියට කඩා වැදී අල් අහ්ලි පිලේ කී‍්‍රඩකයන්ට පහර දෙන්න වූහ.
එම අවස්ථාවේදී තරගය නැරැඹීමට පැමිණි අල් අහ්ලි පිලේ ආධාරකරුවෝ අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන්ට පහර දෙන්න වූහ. ඔවුහු කී‍්‍රඩාංගණයට ගිනි තැබීමට ද පටන් ගත්හ.
දෙපිරිස අතර ගැටුම උග‍්‍රවෙද්දී කී‍්‍රඩාංගණයට රැස්ව සිටි පිරිස අතරේ ලොකු තෙරපීමක් ද හට ගැනුණි. බොහෝ ජීවිත හානි සිදුවූයේ එම අවස්ථාවේදීය. කී‍්‍රඩාංගණයේ සිටි පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් කැරැලි මර්දන පොලිස් බලඇණියක් ද කී‍්‍රඩා පිටියට පැමිණියේය.
පාපන්දු තරග නිසා ඊජිප්තුවේ පමණක් නොව පාපන්දු කී‍්‍රඩාව ජනපි‍්‍රය වෙනත් රටවල පවා නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවේ. එහෙත් පෝට් සේඞ් කී‍්‍රඩාංගනයේ හටගත්තේ පා පන්දු කී‍්‍රඩා ලෝලීන් අතර සාමාන්‍ය ගැටුමක් නොව යුද්ධයක් බවත් කී‍්‍රඩංගණය එකම ලේ විලක් වූ බවත් ඊජිප්තු මාධ්‍ය වාර්තා කළේය.
පාපන්දු කී‍්‍රඩා තරගයකදී මීට පෙර මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූයේ 1996 වසරේදී යැයි ඊජිප්තු රජය පවසයි.
වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපති හොස්නි මුබාරක් ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීමෙන් පසු ඊජිප්තුව අරාජිත වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තු පාපන්දු කී‍්‍රඩාංගණයක දරුණු ගැටුමකින් 75 ක් මියයති