බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොරෝනා වයිරසය මර්දනය ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ විශේෂඥයන් තිදෙනකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බුරුන්ඩි කාර්යාලයේ ප්‍රධානියා මෙලෙස පිටුවහල් කර ඇත.
මීට අදාළ ලිපියක් ද බුරුන්ඩි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා මූලස්ථානය වෙත ද මැයි 12 වැනිදා දාතම යටතේ එම ලිපිය යවා ඇත.
එම පුද්ගලයන් සිවුදෙනාම ‘‘පිළිගත නොහැකි පුද්ගලයන්’’ ලෙස නම් කර ඇති අතර ඔවුන් සියලු දෙනා සිකුරාදා (15) වනවිට රටින් පිටවිය යුතු යැයි ද බුරුන්ඩි විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් මෙහෙම කොන්දක් ඇතුව ගන්න තීරණයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ලෝක සෞක්‍ය සංවිධානේ දැන් චීනෙට යට වෙලා.. අපේ ලොක්කොත් චීනෙට යට වෙලා .. එච්චරයි ...