IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අතුරුදන් වූ ඇමෙරිකන් දැරියෝ තිදෙනා වසර 10 කට පසු හමුවෙති

ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනක වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටිද්දී සොයා ගැනීමට පොලිසිය ඊයේ (7) සමත් විය.
මෙසේ හමුවී ඇත්තේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩෙජීසස් සහ මිෂෙල් නයිට්ය. මොවුන් තිදෙනා ඒරියල් කස්ත්‍රෝ නමැත්තා සහ ඔහුගේ සොහොයුරන් දෙදෙනා විසින් පැහැර ගෙන ගොස් ක්ලීව්ලන්ඞ්හි නිවසක බිම් මහලේ සිරකරගෙන සිට ඇත.
ඇමැන්ඩා පැහැර ගෙන ඇත්තේ 2003 දීය. එවිට ඇගේ වයස අවුරුදු 16 කි.
කස්ත්‍රෝ සොහොයුරන් ජීනා සහ මිෂෙල් නයිට් පැහැර ගෙන ගොස් ඇත්තේ 2000 වසරේදීය. එම අවස්ථාවේ ජීනාට වයස අවුරුදු 14 කි. මිෂෙල්ගේ වයස අවුරුදු 20 කි.
මොවුන් පැහැරගෙන ගොස් දස වසරක් සිරකර ගෙන සිටි ඒරියල් කස්ත්‍රෝ 56 හැවිරිදි විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ සොයුරන් දෙදෙනා 50 හැවිරිදි සහ 54 හැවිරිදි වියෙහි පසුවන බවත් මොවුන් තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
ඇමැන්ඩා, ජීනා සහ මිෂෙල් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක ඔවුන් සිර කරනු ලැබ සිටි නිවසින් බේරී පලා ඇවිත් පොලිසියට ඒ ගැන දැනුම් දීමෙන් පසුවය.
මොවුන් තිදෙනාගෙන් එක් තැනැත්තියකට දරුවකු ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

අතුරුදන් වූ ඇමෙරිකන් දැරියෝ තිදෙනා වසර 10 කට පසු හමුවෙති

රන්ජනී Wednesday, 08 May 2013 11:39 AM

මේ දේ ලංකාවේ උනානම, ආස්චර්ය මේකද කියල අහවි.(ස)

:       0       0

තුෂාර Wednesday, 08 May 2013 08:15 PM

විශාලත්වෙන් ඇමරිකාව ලොව තුන්වෙනි තැන ඉන්නේ. ජනගහනය අතින් ලොව තුන් වෙනි තැන. අපරාද කොච්චර නුහුරුද කියනවා නම් මේ ප්‍රවෘත්තිය සි එන් එන්,බිබිසි ඇතුළු ලොව සියලු ප්‍රධාන මාධ්‍ය වල මුල්ම ප්‍රතෘත්තිය. අන්න ඒ අර්ථයෙන් ලංකාව වගේ පොඩි භූමියක් ඇතුලේ කුඩා ජනගහනයක අපරාධ අතිශය සාමාන්‍ය වීම ආශ්චර්යයක් නොවේද? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 08 May 2013 02:00 PM

රන්ජනී, මේක ලංකාවේ ආශ්චර්ය වුනාට ඇමරිකාවේ දුරාචාර්ය. (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:55 PM

එහෙමයි මුතුකුඩ එහෙමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 387 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 440 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 405 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site