එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති එක්සත් ජාතීන්ගේ විශේෂ ආරක්ෂික කවුන්සිල හමුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය හුදකලා වී තිබේ.
ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම පිළිගන්නා බවත් තෙල් අවීව් නුවර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලෙම වෙත ගෙන යන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දා ප්‍රකාශ කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට හැරිණි.
ලෝක සාමය පවත්වාගෙන යෑම සහ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන තීන්දු තීරණ ගන්නා කවුන්සිලය වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එක්සත් ජනපදය ගත් තීරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි එම කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් ඇතුළු ප්‍රමුඛ රටවල් 15න් 8ක් පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය දශක ගණනාවක් ජෙරුසෙලම සම්බන්ධයෙන් මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ එම ප්‍රතිපත්තිය බිඳ වැටිණි.
ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී දැඩි විවේචනයට ලක්වී තිබේ.
COMMENTS
නිෂේධ බලය හිමි නිසා අනෙක් සියලුම රටවල් එරෙහි වුවත් තීරණය වලංගුයි.
හොදට හිතට එකගව හිතල බැලුවොත් ඔබ දකී ඇමෙරිකාව ලෝක බලය සමතුලිත කරන්න ටිකක් හරි උදව් කරනවා.
ඊශ්‍රායලය ලෝකයේ විශිෂ්ටතම රටකි.
උතුරු කොරියානු නායකයාව සමහර අය උන්මන්තකයෙකු ලෙස හැඳින්වුවද ලොව පුරා යුධ ගිනි අවුළුවන නියම වර්ගවාදී සහ ආගම්වාදී පුද්ගලයා ට්‍රම්ප් බව නම් පැහැදිළියි.
ඉන්දික එ්ක බල තුලනයක් නෙමේ. අැමරිකාව පමණක් බලවතා වීමේ වුවමනාව. අැමරිකානු වෙළඳපලට විවර නොවන ඔවුන්ට අවනත නොවන. ස්ථාවර, ශකිතිමත් ස්වංපෝෂිත රටක් පවතීද කුමන හෝ තුරුම්පුවක් යොදා එම රට අස්ථාවර කරනු ලබයි. රටක කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටී සියලු අාකාරයේ ගැටළු පැන නැගුනු විට පුලුවන් ආයුධ අැතුළු සියල්ල එම රටට විකිණීමට හා රටේ දේශපාලනයට අැඟිලි ගැසීමට. අනික් රටවල් දුප්පත් වන තරමට, අවුල් වන තරමට එ්ක අැමරිකාවට වාසි දායකයි. රටකට ඔවුන් නැගිටින්න දෙන්නේ ඔවුන්ගෙන් මිළ දී ගැනීමේ සීමාව පවතිනකන් පමණි. එ්ක තමා ධනවාදයේ ම්ලේච්චත්වය.
ඉස්ශ්‍රාලය කියන්නේ ලෝකයේ තියෙන ජරාම ජරා නොම්බර එකේ ත්‍රස්තවාදී රටයි...
කරුණා කරලා අපිට විස්තර කරලා දෙනවාද ලෝකේ තියෙන ජරාම ජරා නොම්බර එකේ ත්‍රස්තවාදී රට ඊශ්‍රායලය කියා කියන්න හේතු මොනවද කියාලා. අපිත් දැනගන්න කැමතියි ඒ ගැන ඔබ තුමියගෙන්. අඩුම ගන්නේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ගෙන් ජයගන්න මේ රටට ලැබුණ කෆීර් ගුවන්යානයත් අපිට ලැබුනේ ඔබ තුමිය කියන ඒ ත්‍රස්තවාදී ජරාම ජරා රටෙන් කියල ඔබතුමිය දන්නේ නැතිව ඇති. අපේ රටෙත් ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණ විරුවන් සටන් කරනකොටත් ඔබ තුමියට හිතුනාද අපිත් ජරාම ජරා ත්‍රස්තවාදී රටක් කියාලා?
දැනට ලෝක බලවතාගේ, පොලිස් කාරයාගේ චරිතයට පන පොවන්නේ ඇමෙරිකාව වුනත්, ඒ තත්වයට එන්න තව ගොඩක් අය උත්සහ කරනවා. ඇමෙරිකාව තමන්ගේ තත්වය පවත්වාගන්න විටින් විට සමහර නොමනා දේවල් කරත් මේ ඉන්න පොලිස්කාරය ගොඩක් හොඳයි, ඒ තත්වයට එන්න බලන් ඉන්න අනෙක් රටවල් වලට වඩා. ගොඩක් දෙනෙක් මගේ එක්ක එකඟ වෙන්නේ නැති වෙයි. හැබැයි චීනය, කොරියාව, ඉන්දියාව වගේ යුරෝපීය නොවන රටක් ලෝක බලවතා වුනොත්, ටිකක් හිතලා බලන්න මොන වගේ ක්‍රියා කරයිද කියලා. ලෝකේ අපි වගේ කුඩා රටවල් වලට ඔවුන් කොහොම සලකයිද..?