IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ

න්‍යෂ්ටික අවි මෙළොවින් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා වූ ඇමෙරිකාවේ දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් සෝවියට් රුසියවේ හිටපු ජනපතිවරයකු වන මිහායිල් ගොර්බචොව් පෙරේදා(9) පැවැසීය. න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීම සම්බන්ධයෙන් වන ආයතනයක් සමඟ පැවැති වීඩියෝ සාකච්ඡාවකදී හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේය. ‘මේ වන විට නවීනතම අවිආයුදවලින් සන්නද්ධ සෑම රාජ්‍යකටම ඉහළින් සිටින රට වන්නේ අමෙරිකාවයි. න්‍යෂ්ටික අවි පාලනය කිරීමේ හැකියාව ඇත්තේ ද ඇමෙරිකාවට වූවත් ඔවුන් ඉන් ඉවත්ව සිටිනවා.’යැයි ද ගොර්බචොව් සඳහන් කළේය. 1986 වසරේදී සෝවියට් ජනපති ගොර්බචොව් සහ ඇමෙරිකා ජනපති රොනල්ඞ් රේගන් එකිනෙකා හමුවී සාකච්ඡා කළ රෙක්ජාවික් සමුළුව පිළිබඳව සිදු කළ මෙම වීඩියෝ සංවාදයේදී ගොර්බචොව් රුසියන් බසින් අදහස් දැක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලෝක බලවතුන් සතුව මේ වන විට න්‍යෂ්ටික යුද ශීර්ෂ 20,000කට අධික ප‍්‍රමාණයක් තිබෙන අතර දින කිහිපයකින් අපගේ මුළු ශිෂ්ටාචාරයම වළලා දැමීමේ හැකියාවක් ඒවා සතු බව ද ගොර්බචොව් කියා සිටියේය. න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් වැළකී සිටිමේ පනතට මේ වන විට ලොව රටවල් 200ක් පමණ අස්සන් කර ඇත. නමුත් න්‍යෂ්ටික බලය බහුලව භාවිත කරන රාජ්‍යයන් වන අමෙරිකාව, ඉන්දියාව, චීනය, ඉරානය සහ ඊශ‍්‍රායලය යන රටවල් ඒවා සීමා කිරීමට හෝ තහනම් කිරීමට පියවර නොගැනීම මුළු ලෝකයටම අනතුරුදායක තත්ත්වයක් මතු කර ඇතැයි ද ගොර්බචොව් පෙන්වා දෙයි.



අදහස් (0)

න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ

බී.කේ .ජයසුන්දර Wednesday, 10 October 2012 06:06 PM

සෝවියට් දේශය ඇමරිකාවට පාවාදුන් අය දැන් බයිලා කියනවා. (නි)

:       0       0

ශාලනී Thursday, 11 October 2012 08:53 AM

මෙයා පාලනය කරන්න කියන්නෙ රුසියාවෙ ඇර අනිත් රටවල ඒවා නේද?ඒකෙත් හැටි...එතකොට සීතල යුධ සමයේ රුසියාව හදපු එව්වට මොකද කරන්නේ?(ස)

:       0       0

ජයමාල් Wednesday, 10 October 2012 03:18 PM

දැන් ඉතින් බණ කියන්න. . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site