වෙනිසියුලා පාර්ලිමෙන්තුවේ සභාවාරයක් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමකින් පාරලිමෙන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙක් තුවාල ලදහ.
ගැටුම ඇතිවී තිඛෙන්නේ වෙනිසියුලා නව ජනපති නිකොලස් මදුරෝගේ පත්වීම පසුපස දේශපාලන බලපෑම් නැතැයි විපක්ෂය පිළිගන්නා තෙක් ඔවුනට පාර්ලිමෙන්තුවේ අදහස් පළ කිරීමට ඉඩ දීම තහනම් කළ යුතු යැයි යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමෙන් අනතුරුවය.
මේ සමගම කෝපාවිෂ්ට වූ විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතින් හා පයිනි. මන්ත්‍රීවරු ලේ හළාගෙන එළියට ආහ.
වෙනිසියුලාවේ විප්ලවකාරී ජනපති හියුගෝ චාවේස් ගේ මරණයෙන් පසුව ජනපති ධුරයට පත්වූයේ
නිකොලස් මදුරෝය.ඒ පසුගිය අප්‍රේල් 14 වැනිදා පවත්වන ලද ඡන්ද විමසීමෙන් සිය ප්‍රතිවාදියා වූ විරුද්ධ පක්ෂ අපේක්ෂක හෙන්රික් කැප්රිල්ස්ට වඩා සියයට 1.5 ක වැඩි ප්‍රතිශතයකින් ඡන්ද ලබාගනිමිනි.
එසේ වුවද මදුරෝගේ ජයග්‍රහණය පිළිගන්නට විපක්ෂය සූදානම් නැත.ඔවුන් පවසන්නේ ඡන්ද ගණන් කිරීමේදී දූෂණයන් සිදුවී ඇති බවයි.මෙනිසා ගැහුවත් බැන්නත් මැරුවත් අසාධාරණය වෙනුවෙන් හඩ නැගීම නොනවත්වන බව ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි ලංකාවේ ටියුෂන් කාරයෙක් ඔහේ උපදෙස් පන්ති තියෙනවා වගෙයි. ඊළඟට නාහේ කාපිය පාඩම. ඊටපස්සේ මුණ කාපිය පාඩම්. ජයවේවා. (නි)
අනේ අරාබි වසන්තය වෙනිසියුලාවට නම් එන්න එපා. (නි)