වළාකුළු වලින් සංගීතය මැවෙනා අපූරු පියානෝවක් සැකසීමට ඇමරිකා කලාශිල්පියෙක් සමත්ව සිටියි.
කලාශිල්පී ඩෙව්ඩි බෝමන්ගේ නිර්මානයක් වන මෙහි වාදකයා වන්නේ රොබෝවෙකි. රොබෝවාට පියානෝව වාදනය කළ යුත්තේ කෙසේදැයි උපදෙස් ලැබෙන්නේ වළාකුළු වලිනි.
මෙම අපූරු සංකල්පය ක්‍රීයාත්මක වන්නේ වළාකුළු වල ස්වභාවය හා ඝණත්වය මත පිහිටා පියානෝවේ කවර යතුරු තද විය යුතුදැයි තීරණය කරන පරිගණක වැඩසටහනක උදවු ඇතිවය. අහසය යොමු කෙරුණු සංවේදක පුවරුවකින් වළාකුළු වල හැඩය හා ඒවායේ ඝණත්වය පිළිඹද දත්ත ලබාගන්නා මෙම වැඩසටහන අනතුරුව ඒවා විශ්ලේෂණය කර පියානෝවේ අදාළ යතුරු තද කිරීමට රොබෝවාට විධානයන් ලබා දේ.
ලබාදෙන විධානයන් අනුව දැඩිව හෝ මෘදුව හෝ රටාවකට හෝ පියානෝවේ යතුරු තද කිරීමට රොබෝවාට හැකිය.
විශෘල හා ඝණ වළාකුලක් තිබුණහොත් දැඩිව, ලිහිල්ව විහිදුණු කුඩා වළාකුලක් තිබුණහොත් මෘදුවද, රොබෝවා පියානෝව වාදනය කරන බව ඩේවිඩ් බෝමන් පවසයි.
සංගීතඥයින්ගේ මියුරු සංගීත කණ්ඩයන් වල ඇත්තාක් මෙන් නිසි පිළිවෙලකට පියානෝව වාදනය කිරීමට රොබෝවාට නොහැකි වූවත් මෙම ‘‘වළාකුලූ‘‘සංගීතය ඇත්තෙන්ම කණට මිහිරි බව සදහන්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd