IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ස්නෝව්ඩන්ගේ පියාට රුසියාවෙන් වීසා

ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීමේ කටයුතු ලොවට හෙළි කළ ඇමෙරිකන් ජාතික එව්ඩව් ස්නෝව්ඩන්ගේ පියාට වීසා දීමට රුසියානු රජය ඊයේ (12) කැමැත්ත පළ කළේය.
 

ලොන් ස්නෝව්ඩන්

ඒ ගැන සතුට පළ කරමින් ඇමෙරිකාවේ ජීවත්වන ස්නෝව්ඩන්ගේ පියා, ලොන් ස්නෝව්ඩන් මාධ්‍ය හමුවේ කියා සිටියේ රුසියාවේ රැකවරණය ලබමින් වාසය කරන තම පුතු බැලීමට තමා හැකි ඉක්මනින් මොස්කව් නුවර බලා යන බවය.

රුසියානු රජය ස්නෝව්ඩන්ට රැකවරණ ලබා දීමට පියවර ගත් අවස්ථාවේදී, ලොන් ස්නෝව්ඩන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට ඒ ගැන ස්තුති කළේය. ඒ, රුසියානු පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වුණු අවස්ථාවකදීය.

එම අවස්ථාවේදී ස්නෝව්ඩන් කියා සිටියේ, ඇමෙරිකාව විසින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගසනු ලැබූ තම පුතුට පිහිට වීමට රුසියාව කැමැත්ත පළ කිරීම ගැන තමන් සතුටු වෙන බවය.

එන්.එස්.ඒ. ඒජන්තවරයකු ද වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් මාධ්‍යවලට ප‍්‍රසිද්ධ කළේ ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයට පැමිණීමෙන් පසුවය.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔහු රුසියාවට පලා ගියේය. ඒ, රුසියානු රජයේ අනු දැනුම මතය.

මොස්කව් නුවරට පැමිණි පසු ස්නෝව්ඩන්ට මොස්කව් ගුවන් තොටුපොළක කොටු වීමට සිදුවිය. ඒ, ඇමෙරිකා රජය ඔහුගේ බලත‍්‍රය අහෝසි කිරීම නිසාය. ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.

ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලූව ද ඔහුට එම ආරක්ෂාව නොලැබුණි. අවසානයේ දී රුසියාව ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කළේය.



අදහස් (0)

ස්නෝව්ඩන්ගේ පියාට රුසියාවෙන් වීසා

ද සිල්වා බෙර්ලින් Tuesday, 13 August 2013 06:35 PM

ඇමෙරිකාව රුසියාවට නිතරම නිතරම වැදී බන කියන නිසා රුසියාවෙන් ඇමෙරිකාවට ඇනපු ටොක්ක තමයි මේක. මේ නිර්භීත කොල්ල නිසා යුරෝපෙයේ සමහර මිත්‍ර පාක්ෂික රටවල් දැන් ඇමෙරිකාව දිහා බලන්නේ සැකයෙන්.(නදී)

:       0       0

චමත් Wednesday, 14 August 2013 11:23 PM

කරපු වැඩේ හොඳ උනත් නරක උනත් තමන්ගේ උපන් රටට ද්‍රෝහී උන අයෙක් ගෙන් වැඩක් නෑ.(අ)

:       0       0

උදය Wednesday, 14 August 2013 01:52 AM

විසි එක්‌ වන සියවසේ පළමු වැනි අන්තර් ජාතික වීරයා මොහුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1598 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site