
ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැරිස් අගනුවර බලා ගිය අවස්ථාවේදීය.
පැරිස් අගනුවර ඉලීසේ මාලිගාව හෙවත් ජනාධිපති මන්දිරයට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් කටයුතු කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර පළුඳු වී තිබුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමත් විය.
පසුගිය වසරේ ඔක්තෝබරයේ ඕස්ට්‍රේලියාවේ පැවැතියේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ රජයකි. අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ලිබරල් පක්ෂ නායක ස්කොට් මොරිසන්ය. මොරිසන් රජය, ප්‍රංශ රජය සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබුණේ ඕස්ට්‍රේලියාවට ප්‍රංශ සබ්මැරීන ලබා ගැනීමටය. මෙය බිලියන ගණනක ගනුදෙනුවක් විය.
කෙසේ නමුත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සබ්මැරීන තාක්ෂණය ඕස්ට්‍රේලියාවට ලබා දීමටත්, න්‍යෂ්ටික බලැති සබ්මැරීන් එකලැස් කිරීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාවක් ලබා දීමත් සමඟ ස්කොට් මොරිසන්ගේ රජය ප්‍රංශය සමඟ ඇතිකරගෙන තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක ගිවිසුම අවලංගු කළේය.
මෙය ප්‍රංශයේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අතරේ හිත් අමනාපකම් ඇති විය. තමන් හිතවතකු ලෙස සැලකූ ඕස්ට්‍රේලියාව, තමන්ගේ පිටට පිහියෙන් ඇන්නා යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් එම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවට දෙහි කපමින් පැවැසුවේය. අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයකු යැයි ප්‍රසිද්ධියේ චෝදනා නැගුවේය.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ප්‍රංශ ජනාධිපති හමුවූයේ එම හිත් අමනාපකම් මඟ හරවා ගැනීමේ අරමුණින්ය.
ඇල්බනීස් සහ මැක්රොන් හමුවෙන් පසු මාධ්‍යවේදීන් මැක්රොන්ගෙන් ප්‍රංශ කළේ අග්‍රාමාත්‍ය ඇල්බනීස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සමාව ඉල්ලිය යුතු බවත්, ඔහු එසේ සමාව ඉල්ලීමක් කළාදැයි කියාය.
“සිදුවුණු දේට අග්‍රාමාත්‍ය ඇල්බනීස්ගේ සම්බන්ධයක් නැහැ. ඔහු මා හමුවන්න ආවේ අතීතය ගැන කතා කරන්න නොවෙයි; අනාගතය ගැන කතා කරන්නයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි