IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆේස් බුක් පිස්සුවට විදුලි සැරෙන් ප්‍රතිකාර

ෆේස්බුක් වෙබ් අඩවියට ඇබ්බැහිව සිටින්නන් ඉන් මුදා ගැනීමේ සමත් උපකරණයක් හඳුන්වාදීමට ඇමරිකාවේ එම්.අයි.ටී. අධ්‍යාපන ආයතනයේ සිසුහු දෙදෙනෙක් සමත්ව සිටීති.

තමන්ද සතියකට පැය පණහක පමණ ෆේස්බුක් වෙබ් අඩවියේ කල් මැරීමට පුරුදුව සිටි බවද එම පුරුද්ද තමන්ගේ දෛනික වැඩකටයුතුවලට බාධාවක් වීමෙන් මෙසේ එයින් ගැලවීමට මං සෙවීයැයිද ඔවුහු කියති.

එහි ප‍්‍රතිඵලය ‘‘පැව්ලොව් පෝක්‘‘ නම් මේ උපකරණයයි.

පරිගණකයට සම්බන්ධ කෙරෙන මෙම උපකරණය පරිගණකය භාවිතා කරන්නාගේ අතෙහි ස්පර්ශ වෙමින් තිබේ.පරිගණකයේ ස්ථාපනය කෙරෙනු ලබන විශේෂ මෘදුකාංගයකින් මෙම උපකරණය පාලනය කෙරේ.මෙම මෘදුකාංගය  පරිගණකය භාවිතා කරන්නා අන්තර්ජාලයේ වැඩියෙන්ම කාලය ගත කරන වෙබ් අඩවි මොනවාදැයි සටහන් කර ගනු ලබයි.

හදිසියේවත් එක් වෙබ් අඩවියක පමණට වඩා වැඩි වේලාවක් රුදී සිටිනවා යැයි මෘදුකාංගයට හසුවූවිට එය ‘‘පැව්ලොව් පෝක්‘‘ උපකරණය කි‍්‍රයාත්මක කරවයි.මෙම උපකරණයේ ඇති විද්‍යුත් දඟරයෙන් අධි වෝල්ටීයතා ආරෝපණයක් උපදින අතර එය පරිගණකය භාවිතා කරමින් සිටින්නාගේ අතෙහි වැදේ.

මෙම ආරෝපණය කෙනෙකුහට දැඩි වේදනාවක් ගෙන දීමේ සමත්ය.එයින්ම තමන් අදාළ වෙබ් අඩවියේ රැදී සිටියා ඇතැයි පරිගණකය භාවිතා කරන්නාට සිතෙනු ඇතැයි මෙම සිසුහු දෙදෙනා පවසති.

ප‍්‍රායෝගික භාවිතයේදී ගැටළු තිබුණත් ෆේස්බුක් මේනියාවෙන් මිදීමට මෙවන් උපකරණද අත්වැලක් බව බොහෝ දෙනාගේ අදහසයි.



අදහස් (0)

ෆේස් බුක් පිස්සුවට විදුලි සැරෙන් ප්‍රතිකාර

සිරි Tuesday, 03 September 2013 11:58 AM

ඒක තමන්ම පාලනය කරගත යුතු දෙයක්!!! විදුලි සැර ඇඟට හොඳයි කියලද හිතන්නේ?? මහා පිස්සු වැඩක්!!! (ස)

:       0       0

ඉෂාර Tuesday, 27 August 2013 08:33 AM

හරි අපි හිතමු දැන් ඕක කඩවල් වලින් ගන්න තියෙනවා කියලා. එතකොට ඕක ගන්නේ කවුද? ෆේස් බුක් එකට ඇබ්බැහිවූ අය. දැන් ඔන්න ඕකත් හයි කරගෙන සිහියක් පතක් නැතුව ෆේස් බුක් එකට වෙලා ඉද්දි එක පාරට කරන්ට් එක වදිනවා. එතකොට එයින් තමන් අදාළ වෙබ් අඩවියේ රැදී සිටියා ඇතැයි පරිගණකය භාවිතා කරන්නාට සිතෙයි කියලා හිතනවද? මට වුණා නං දන්න කුනුහරුප ඔක්කෝම කියන ගමන් ඔය ගැජමැටික් එක ගලවලා වීසි කරලා දාවී. (ස)

:       0       0

තරු Tuesday, 27 August 2013 09:04 AM

තමන්ට තමන්ව පාලනය කරගත හැකිනම් කිසිදු උපකරණයක් අවශ්‍ය නොවේ (නි)

:       0       0

සිසිල් Monday, 26 August 2013 10:36 PM

2 - 2 පොල්ලක් අරන් දුන්නනම් ඔය සේරම නවතී කොරන්න වැඩ නැතිවට කොරන දේවල්.අර කව්ද හාමුදුරු කෙනෙක් කිව්වා වගේ.ඉස්සර රස්තියාදු කාරයෝ හිටියේ බෝක්කු උඩ දැන් ඉන්නේ ඔය ජරා එකේ.(අ)

:       0       0

අකිල Tuesday, 27 August 2013 02:08 AM

ඕවා එපා කියන අයම තමා වැඩියෙන් කරන්නේ. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 27 August 2013 02:15 AM

තමන්ටම තේරෙනවා නම් වැඩිපුර කාලයක් වෙබ් අඩවියේ හිටියා කියලා නැගිටලා ගියානම් ඉවරනේ. මොකටද අතේ පයේ උපකරණ සවි කරන්නේ. කොහොම නමුත් නව පර්යේෂණ අගය කරන්න ඕනෑ. එහෙම වැඩකට නැති පර්යේෂණ වල ප්‍රතිපල වලින් තමයි අපි මේ තරම් තාක්ෂණයෙන් දියුණු වෙලා ඉන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 26 August 2013 08:16 PM

ඕවා හරි යන වැඩ නෙමෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site