IMG-LOGO

ෆේස්බුක් නොබලන ගිවිසුමක්

ෆේස්බුක් යනු මෙකල තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. බොහො ප්‍රයෝජන පැවැතියද ඇතැම් තරුණ තරුණියන් ෆේස්බුක් වෙතම ඇබ්බැහි වී සිටීම නිසා වැඩිහිටියන්ගේ අනුමැතිය නම් මේ කෙරෙහි වැඩිපුර නොලැබේ.

පෝල් ඛෙයර් සිය දියණිය වන රේචල් (14) ෆේස්බුක් සිය ‘ජීවිතය‘ කරගෙන සිටිනු දැකීම නොරිස්සීය. ඇය  මෙයින් මුදා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනා අතර ඇය ෆේස්බුක් වෙත සමුදෙන්නේ නම් ඇයට සැළකිය යුතු කරමේ මුදලක් පිරිනමන්නෙමියි යන අදහස පෝල්ට පහළ වේ.ඒ අනුව ක්‍රියාත්මක වන ඔහු මේ ගැන රේචල්ගෙන් විමසූ විට පුදුමයකට මෙන් ඇයගේ අනුමැතියද හිමිවේ. මේ අනුව දෙදෙනා අතර ‘අවබෝධතා‘ ගිවිසුමක් ඇති බවයි.

‘ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණ සම්බන්ධයෙන්‘

රේචල් ඛෙයර් වන මම මගේ ෆේස්බුක් ගිණුම 2013/02/04 දින සිට 2013/06/06 දිනය දක්වා තාවකාලිකව අක්‍රීය කිරීමට එකග වන අතර එකග වූ පරිදි මගේ පියා වන පෝල් ඛෙයර් මට ඩොලර් 50 ක මුදලක් 2013/04/15 වන දිනදී ගෙවනු ඇත.තවත් ඩොලර් 150 ක මුදලක් 2013/06/26 දිනදී මට ලැබීමට සළස්වනු ඇත.මගේ ෆේස්බුක් ගිණුමෙහි මුරපදය ඔහුට ලබාදෙන අතර එමගින් ඔහුට මගේ ගිණුම අක්‍රීය කිරීමටත් ගිවිසුම් කාලයට පෙර මම ෆේස්බුක් ගිණුම සක්‍රිය කිරීමට වැටබැදීමටත් ඔහුට හැකි වනු ඇත.මම ලැඛෙන මුදල් මට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සදහා වැය කිරීමට බලාපොරොත්තු වෙමි.

අත්සන් කළේ... රේචල් ඛෙයර්.....පෝල් ඛෙයර්



අදහස් (0)

ෆේස්බුක් නොබලන ගිවිසුමක්

තුෂාර Friday, 08 February 2013 01:37 PM

කනට දෙකක් දීලා නවත්වන්න බැරිද ? (ස)

:       0       0

අරවින්ද Friday, 08 February 2013 01:54 PM

ගහලා බැනලා ළමයි හදපු කාලේ දැන් ඉවරයි (ස)

:       0       0

සිසිර Friday, 08 February 2013 02:50 PM

තුෂාර, කනට දෙකක් දෙන්න පුළුවන ලංකාවේ ළමයිට. ඒත් ඒ රටවල එහෙම බැහැ. ගැහුවොත් දෙමවිපියෝ හිරේ යනවා.(නදී)

:       0       0

එල්විජෝස් Saturday, 09 February 2013 09:55 PM

මාත් නවත්තනවා කවුරුහරි සල්ලි දෙනවානම්.. කෝ නෑනෙ..!(නු)

:       0       0

ලාල් Friday, 08 February 2013 03:36 PM

ලංකාවෙත් ඔහොම වේවිද ? (ස)

:       0       0

සෙයාලන් Saturday, 09 February 2013 11:01 PM

තුෂාර, ඔයාගෙන් කාර්යාලයේ වැඩ ගන්නේ එහෙම ද ?(නදී)

:       0       0

සරත්-ඇමරිකාව Sunday, 10 February 2013 04:22 PM

සිසිර හරි. මෙහෙ අපිට දරුවෙකුට අවවාදයක් දීලා හදාගන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. හරිම ඛේදජනක තත්වයක්. අපේ සංස්කෘතියේ වටිනාකම සුද්දන්ට තේරෙන්නේ නැහැ. අපේ දෙමවිපියන්ට අපි තාමත් ගරු කරනවා. මෙහේ ළමයි කිසිම ගරුසරුවක් නැහැ වැඩිහිටියන්ට. අපේ ළමයි මුලසිටම අවවාද කරලා හදා නොගත්තොත් ඉවරයි.(නදී)

:       0       0

නිස්තර් Saturday, 09 February 2013 12:58 PM

දැන් ලංකාවේ දෙමව්පියනුත් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ෆේස් බුක් නරක නැහැ නමුත් නරක ප්‍රතිඵල බහුලයි. (ස)

:       0       0

ගාමිණි Sunday, 10 February 2013 05:45 PM

ඉතා හොද තීරණයක් (දී)

:       0       0

වසන්ත Saturday, 09 February 2013 01:48 PM

දෙමව්පියන්ට ප්‍රශ්නයක් තමයි. පොඩි කාලයක් දෙන්න ඕනේ.(නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 08 February 2013 07:35 PM

අපේ ළමා පරපුර බේරා ගනිමු (දී)

:       0       0

නීලා Monday, 11 February 2013 08:15 AM

සරත්, ඇමරිකාවේ ඉදගෙන කෑගහන්නේ නැතුව ලංකාවට එන්න. (නි)

:       0       0

දිලිනි Sunday, 10 February 2013 01:01 PM

තාත්තට පේස්බුක් එකේ පාස්වර්ඩි එක දීලා වෙන එකක් හදාගන්න පුළුව්නනේ. ඕක බොරු වැඩක්. අන්තර්ජාලය තහනමි කලා නම් ඔයිට වැඩිය සාර්ථකයි.(නදී)

:       0       0

දිල් Sunday, 10 February 2013 01:04 PM

අද කාලේ එක ළමයෙකුට පේස් බුක් එකවුන්ට් කීයක් තියෙනවද එක එක නමි වලින්. ඉතින් එකක පාස්වර්ඩි එක තාත්තට දීලා අනිත් එකෙන් ඇතුළුවන්න පුළුවන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site