IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ෆ්ලොරීඩා මුහුදේ බෝට්ටුවක් පෙරැළෙයි

ඇමෙරිකාව ෆ්ලොරීඩා මුහුදු තීරයේ සිදුවුණු බෝට්ටු අනතුරකින්, අතුරුදන් වුණු 39 දෙනකු සොයා ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මේවනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

බහමාස් රාජ්‍යයේ බිමිනි නගරයේ සිට මගීන් 40 දෙනෙකු සමග  පැමිණි බෝට්ටුවක් ෆ්ලොරීඩාවේ ෆොර්ට් පියර්ස් වරයාට සැතපුම් 45 ක පමණ දුරින් පෙරලී ඇති  බව පවසා දුරකතන ඇමතුමක් උදෑසන 8 ට පමණ ලැබුණු බව මියාමි ප්‍රදේශයේ වෙරළ ආරක්ෂකයින් පවසයි.

මෙම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පෙරලී තිබූ බෝට්ටුව ආධාරයෙන් දිවි ගලවා ගත්  පුද්ගලයෙක් බේරාගෙන ඇති අතර ඉන් අනතුරුව වෙරළ ආරක්ෂකයන් වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

බහමාස් රාජ්‍යයේ සිට පුද්ගලයින් හතලිස් දෙනෙකු සමග  පැමිණි මෙම බෝට්ටුව මිනිස් ජාවාරමේ නිරත බෝට්ටුවක් බවට විශ්වාස කරන බව වෙරළාරක්ෂකයෝ පවසති.

‘‘අප බහමාස් වල බිමිනි දූපත් වලින්  ආවේ සෙනසුරාදා රෑ මාත් එක්ක තව 39 දෙනෙක් සිටියා. බෝට්ටුව පෙරලුනේ අයහපත් කාලගුණය නිසා අපි එක්කෙනෙක් වත් ජීවිත ආරක්ෂක ජැකට් ඇඳලා හිටියෙ නෑ’’ යැයි මෙම සිද්ධියෙන් දිවි බේරාගත් තැනැත්තා පැවැසුවේය.

වෙරළ ආරක්ෂකයන් පැවසුවේ ෆොර්ට් පියර්ස් සිට බහමාස් දක්වා කිලෝ මීටර් 135 ප්‍රදේශයක් ගුවනින් සහ මුහුදෙන් අතුරුදහන් වූ පුද්ගලයන් 39 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

(විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්)



අදහස් (0)

ෆ්ලොරීඩා මුහුදේ බෝට්ටුවක් පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site