IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව

 

ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය ඇතුළත අවසර ලැබෙනු ඇති බවත් ඉන් පසු ඒවා බෙදාහැරීම ආරම්භ වනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ඉකුත් දා පැවැසීය.

ඒත් සමඟ මේ වසර තුළදී ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත් ලබාදීම ආරම්භ කළ හැකි යැයි ද ඔහු කීය.

ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත් මේ වනවිට සාර්ථකත්වය පෙන්නුම් කර ඇති අතර ඒවා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරියේ අවසරය අපේක්ෂාවෙන් පසුවෙයි.

අදාළ අවසර ලද විගස, පැය 24 ක් ඇතුළත එම එන්නත් බෙදාහැරීම ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇලෙක්ස් අසාර් පැවැසීය.

මෙම එන්නත් ගබඩා කිරීම ශීතකරණ අවශ්‍ය කරන අතර එය සංකීර්ණ ක්‍රියාවලියක් බව පැවසේ. ඇමෙරිකාවේ සියලු දෙනාට මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බව ද අසාර් කීය.

“අපට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරදුන් සහ ආරක්ෂිත එන්නත් දෙකක් තියෙනවා. එම එන්නත්වලට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ අවසරය ලැබෙන තෙක් අපි ඉන්නවා. ඒ අවසරය ලැබුණු විගස අපි මේ එන්නත් බෙදාහැරීම ආරම්භ කරනවා. අවසරය ලැබී පැය 24ක් යන්නටත් මත්තෙන් අපි එම ක්‍රියාවලිය ආරම්භ කරනවා” යැයි අසාර් කීවේය.

‘කොවිඩ්-19’ එන්නත් සහ ප්‍රතිකාර කඩිනම් කිරීමේ ඇමෙරිකානු රජයේ පසුගිය සතියේ පැවැති රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

මේ වසර අවසන් වනවිට මෙම එන්නත් දෙකෙන් මාත්‍රා මිලියන 40ක්, සති හතරක කාලයක් සඳහා වාර දෙක බැගින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඉන් අනතුරුව සෑම මාසයකදීම එන්නත් මාත්‍රා මිලියන 40 ට වැඩියෙන් නිෂ්පාදනය කිරීමට මෙම සමාගම්වලට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසේ.

ෆයිසර් සමාගමේ එන්නතට ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ ලැබීමෙන් දින 10ක් ඇතුළත මොඩර්නා සමාගමේ එන්නතට ඉදිරි දින 10 ඇතුළත දී අවසරය ලැබෙනු ඇතැයි වාර්තා වේ. ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ නිල හා පූර්ණ වශයෙන් ලැබීමට මාස තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි පැවසේ.

තවත් ‘කොවිඩ්-19’ එන්නත් දෙකක දත්ත හා තොරතුරු ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙනු ඇතැයි ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
මේ වසර අවසන් වනවිට මෙම එන්නත් දෙකෙන් මාත්‍රා මිලියන 40ක්, සති හතරක කාලයක් සඳහා වාර දෙක බැගින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඉන් අනතුරුව සෑම මාසයකදීම එන්නත් මාත්‍රා මිලියන 40 ට වැඩියෙන් නිෂ්පාදනය කිරීමට මෙම සමාගම්වලට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසේ.

ෆයිසර් සමාගමේ එන්නතට ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ ලැබීමෙන් දින 10ක් ඇතුළත මොඩර්නා සමාගමේ එන්නතට ඉදිරි දින 10 ඇතුළත දී අවසරය ලැබෙනු ඇතැයි වාර්තා වේ. ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ නිල හා පූර්ණ වශයෙන් ලැබීමට මාස තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි පැවසේ.

තවත් ‘කොවිඩ්-19’ එන්නත් දෙකක දත්ත හා තොරතුරු ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙනු ඇතැයි ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.

‘කාට ? කුමන ? ‍’ එන්නත ලැබෙනවා ද යන්න ගැටලුවක් නොවන බවත් මෙම එන්නත් දෙකම සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහනේ ප්‍රධානී මොන්සෙෆ් ස්ලාවී පැවැසීය. එන්නත් බෙදාහැරීම ක්‍රියාවලියට රජයේ නිලධාරීන් සහ පෞද්ගලික සමාගම් සූදානමින් සිටින බව ද හෙතෙම කීය.

එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් වන බව ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

රොයිටර්ස්

055



අදහස් (0)

ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14020 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site