
ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන් මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොමැති බව සිදු කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත. මත්ද්‍රව්‍ය ලබා ගත්තා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට අගමැතනිය යොමු වූයේ පසුගිය සිකුරාදා (19) දිනයේය. ඒ ඇගේ කැමැත්තට අනුවය.
සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් හේතුවෙන්, සන්නා මරීන්ට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දොස් අහන්න සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා (18) ය.
අගමැතිනිය, ඇගේ යහළු යෙහෙළියන් සහ ෆින්ලන්තයේ ජනප්‍රිය තරු කීප දෙනකු ද සමඟ රාත්‍රී සාදයකට සහභාගී වෙමින්, නටමින් ගී ගයමින් විනෝද වන අයුරු වීඩියෝවේ දැක්වෙයි.
විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්න වූයේ, එම වීඩියෝ දසුන් අනුව, අගමැතිනිය, ඇගේ තනතුරට අගෞරව වන අයුරින් නටමින් විනෝදවීම අනුමත කළ නොහැකි බවය.
අගමැතිනිය සාදවලට සහභාගී වී මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නවාදැයි සැකයක් පවතින බවත්, ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් එම අවස්ථාවේදී පැවැසීය.
තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු නොවන බවත්, සාද වලදී තමන් මධුවිත පානය කරන බවත් අගමැතිනිය විපක්ෂයට පෙන්වා දුන්නේය. එසේ වුවත් ඇය මත්ද්‍රව්‍ය භාවිත කළා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයකට යොමු වූවාය. එහි ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඊයේ (22) ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය භාවිතා කරලා නෑ
ruwan Tuesday, 23 August 2022 11:25 AM
එහෙ විපක්ෂයට මෙහෙ විපක්ෂයේ කවුරු හරි උපදෙස් දෙනවද දන්නේ නැහැ කුණු හොයන්න.
ganegoda Tuesday, 23 August 2022 01:51 PM
මත්ද්‍රව්‍යද? ඒ උනාට දවස පුරාම හොදට සූර්වෙලා ඉන්න රටක්.
chandima Tuesday, 23 August 2022 10:47 PM
පින්ලන්තේ අගමැති නටාපුවාම මොකද වෙන්නේ..? මෙහෙත් අපේ ජනාධිපතිතුමා නැන්දම්මා වටේට කැරකිලා කරණම් ගගහා නටන විදිහෙ එකක් ඔය සමාජ මාධ්‍යවල තියෙන්නේ... ඔව්වා ගණන් ගන්න එපා.