
මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත.
නව ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය.
ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට, ස්වීඩනය සහ ෆින්ලන්තය හවුල් කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය පියවරගෙන ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, රුසියාවේ ක්‍රියා කලාපය සෙසු යුරෝපා රටවලට තර්ජනයක් වීමත් සමඟය.
මහා බ්‍රිතාන්‍යය මැදිහත් වී ෆින්ලන්තය සහ ස්වීඩනය නව ආරක්ෂක ගිවිසුමකට හවුල් කර ගැනීම ඉතා වැදගත් යැයි ස්වීඩන අග්‍රාමාත්‍ය මැග්දෙලේනා ඇන්ඩර්සන් පෙන්වා දුන්නාය. ස්වීඩන අග්‍රාමාත්‍යවරිය මෙසේ පෙන්වා දුන්නේ, අග්‍රාමාත්‍ය ජොන්සන් සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය.
ස්වීඩන අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස්ට හමුවී ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබුවේය. ඒ, ෆින්ලන්තයේ හෙල්සින්කී නුවරදීය.
නව ආරක්ෂක ගිවිසුම මහා බ්‍රිතාන්‍යය සහ ෆින්ලන්තය අතරේ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇති බව ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. එම මාධ්‍ය හමුවට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එක් වී සිටියේය.
නව ආරක්ෂක සහයෝගීතාව යටතේ මහා බ්‍රිතාන්‍යය ස්වීඩනයට හෝ ෆිනල්නතයට හෝ හමුදා යැවීමට කටයුතු කරනවාදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
එම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේ එවැන්නක් සිදුනොවන බවත්, අවශ්‍යතාව අනුව ස්වීඩනය හෝ ෆින්ලන්තය හෝ බ්‍රිතාන්‍ය හමුදා ගෙන්වා ගන්නවාද නැද්ද යන්න තීරණය කරනු ඇති බවත්, එය ඔවුන්ගේ තීරණයක් පමණක් බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්තයට-ස්වීඩනයට විශේෂ ආරක්ෂාවක්