‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට කැමැත්ත පළ කරන ෆින්ලන්තයට රුසියාවට අනතුරු අගවා තිබේ.
ෆින්ලන්තය යනු රුසියාවේ අසල්වැසියෙකි. ෆින්ලන්තය, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගතහොත්, ඊට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රුසියාව පැහැදිලි කර තිබේ.
ෆින්ලන්තය, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන්නේ ද රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙනි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබේ. යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියාය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළ බැවිනි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි රුසියාවේ විශ්වාසයයි. කෙසේ නමුත් යුක්රේනවට සාමාජිනත්වය ලබා දීමට නේටෝ සංවිධානය අදිමදි කරයි.
ෆින්ලන්තය කිලෝ මීටර් 1,300 ක දේශසීමා ප්‍රදේශයකින් රුසියාවට මායිම්ව පිහිටා තිබේ. මේ වනතුරු ෆින්ලන්තය නේටෝ හිතවාදී, අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස කටයුතු කළේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ෆින්ලන්තයට රුසියාවෙන් අනතුරු