IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ළමයින්ට අස්වැසිල්ලක්

මෙතෙක් සුවකළ නොහැකිව තිබූ ළමුන්ගේ සන්ධි ඉදිමීමේ රෝගය සදහා නව ඖෂධයක් සොයාගෙන ඇත. වයස අවුරුදු තුනේ සිට 16 දක්වා වයස් කාණ්ඩවල පසුවූ ළමයින්ගෙන් තුනෙන් දෙකක් පමණ වූ අති බහුතරයක් පොල්යාටිකියුලර් ජුවනයිල් ඉජියොපැතික් ආතරයිටිස් හෙවත් ළමා සන්ධි ඉදිමුම් රෝගයෙන් පෙළෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වාදෙයි.

මේ රෝගය සදහා සොයාගෙන ඇති ඖෂධය රෝ අක්ටෙම්රා හෙවත් ටොසිලිසුමැබි නමින් හදුන්වයි. මේ රෝගය ලබාදුන් ළමුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ දෙනෙකුගෙන් සති 40 ක ප්‍රතිකාර වලින් පසු සුවය ලබා ඇත.  

මේ රෝගය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පමණක් ළමුන් 2300 ක් අත්පා බකල් වීමට ලක්ව ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වාරේතා කරයි. ඉන් තුනෙන් දෙකක පමණ කොටසක් අස්ථි බද්ධ කිරීමකට ලක්කිරීමට සිදුවේ. මේ රෝගය හදිසියේ වැළදීමෙන් සන්ධි පහකට හෝ හයකට පීඩා ඇති කරයි. ඉන් අස්ථිවල දැඩි බව, ඉදිමීම සහ එහ අස්ථි ලෙවීම සීමා වීම සිදුවේ. සමහර ළමයින් මේ නිසා රෝද පිටුවේ ම සිටින තත්ත්වයට පත්වන්නේ දෙමාපියන්ට කදුළු ඉතිරි කරමිනි.

බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රාජකීය රොහලේ ළමා සන්ධි ඉදිමිමේ රෝගය පිළිබඳ විශේෂඥ වෙද්‍යවරයෙක් වු වෙද්‍ය ඇතිමලපෙටි රාමනන් පවසන්නේ මෙම ඖෂධය ළමුන් වෙනුවෙන් සූදානම්ව ඇති බවයි. එය මේ රෝගයෙන් පෙළෙන දරැවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට ප්‍රීතිමත් පුවතක් වනු ඇත.

ආතරයිටිස් කෙයාර් චැරිටි ආයතනයේ ප්‍රධාන විධායක ජුඩි රයිස් පවසන්නේ මෙම ප්‍රවෘත්තිය මෙම රෝගයෙන් පෙළෙන රෝගි ළමුනට ප්‍රිතිමත් එකක් වන බවයි.



අදහස් (0)

ළමයින්ට අස්වැසිල්ලක්

නන්දන Thursday, 12 December 2013 04:41 AM

මට මේ මතක් වුණේ එකපාරටම ලංකාවේ සිංහල වෙදෙක් ඩෙංගු වලටයි ඒඩ්ස් වලටයි බෙහෙත් හොයාගත්තා කියල ප්‍රචාරයක් පහුගිය කාලයේ ගිය එක ගැන (නි)

:       0       0

ගුනේ Thursday, 12 December 2013 09:58 AM

නන්දන, ලංකාවේ එහෙම උනත් එංගලන්තේ ඇහෙම වෙන්නේ නැ.. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 12 December 2013 10:31 AM

කුඩා කාලයෙදි දරුවන්ට වැලඳෙන බල ප්‍රෙමේය රෝගය කියන්නෙ මෙයට වෙන්න ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 75 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site