ළිදකට වැටී ගොඩට ඒමට නොහැකිව සිරවී සිටි දිවියෙකු බේරා ගැනීමට ඉන්දීය වනජීවී නිළධාරීහු පිරිසක් සමත් වූහ.
දිවියා සිරවී සිටියේ ඉන්දියාවේ ගුවහාටි හි පිහිටි කමාක්යා පන්සලේ පිහිටි ළිදේය.කෑම සොයා පැමිණි දිවියා පය වැරදී ළිදට ඇද වැටෙන්නට ඇතැයි කියති.
දිවියාගේ කෑගැසීම අසා එතැනට පැමිණි පන්සලේ සේවකයකු කළ දැනුම් දීමක් අනුව වනජීවී නිළධාරීන් දිවියා බේරා ගැනීමට කටයුතු කර තිබේ.මුලින්ම දිවියා නිර්වින්දනය කර ඇති ඔවුන් පසුව කඹයක් ආධාරයෙන් දිවියා ගොඩට ගෙන ඇත.
දිවියා ඉක්මනින්ම සුදුසු පරිසරයකට නිදහස් කරන බව ඔවුන් කියයි.
ඉන්දියාවේ දිවියන් වද වී ගෙන යන සත්ත්ව කොට්ඨාසයක් සැටියට රතු දත්ත පොතෙහි සදහන් වේ.මුලින්
විශාල ප්‍රමාණයක් සිටියද මෙම සතුන් දඩයම්කරුවන්ගේ ඉලක්ක බවට පත්වීම නිසා ශීඝ්‍රයෙන් ගණනින් අඩුවෙමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ළිඳට වැටුණු දිවියා ගොඩට
ගාමිණී Sunday, 07 April 2013 09:31 PM
ඉන්දියාවේ වනජීවී නිලධාරීන් දන්නේ නැහැ අපේ වනජීවේ නිලධාරීන්ගේ දක්ෂකම් ගැන. නිර්වින්දන මොකුත් නැතිව වගා ලින් වලින් අලි ගොඩට ගන්න හැටි දැක්කා නමි දුවයි පන එපා කියලා.(නදී)