IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ළදරු ප්‍රෝටීනයෙන් මැලේරියා මර්දන ඒන්නතක්?

මැලේරියාව නිට්ටාවටම සුවකළ හැකි නව එන්නතක් නිපදවීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ කරමින් සිටිති.

මෙම එන්නත නිපදවනුයේ ලබන්නේ කුඩා ළමයින්ගේ රුධිරයේ ඇති ප්‍රෝටීනයක් ආධාර කරගෙන බව සදහන් වෙයි. රුධිරයේ මෙම ප්‍රෝටීනය පිහිටන දරුවන් මැලේරියාවට ස්වභාවිකවම ප්‍රතිශක්තියක් දක්වන බව කියැවේ.

ටැන්සානියාවේ ළමයින් 785 දෙනකු ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂණකදී පර්යේෂක පිරිසට ඔවුන් අතරින් සියයට 6 ක පමණ පිරිසකගේ රුධිරයේ මෙකී ප්‍රෝටීනය පිහිටන බව සොයාගැනීමට හැකිව තිබේ.මෙම ප්‍රෝටීනය මැලේරියාව ආසාදනයවීමෙන් පසු එය මුළු සිරුර පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ සමත් බව ඔවුහු පවසති.

ප්‍රෝටීනය හදුනාගැනීමෙන් පසු පර්යේෂක පිරිස කර ඇත්තේ එය කෘත්‍රිමව නිපදවා මිීයන් ආශ්‍රයෙන් අත්හදා බැලීමයි.දැනට සිදුකැරුණු පර්යේෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව ඔවුන් කියයි.

පී.එෆ්.එස්.ඊ.ඒ - 1 යැයි නම් කර ඇති මේ නව එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පැවතියද එයින් මේ දක්වා මැලේරියාව සුව කිරීමේ අරමුණින් නිපදවා ඇති සෑම එන්නතකටම වඩා හොද ප්‍රතිඵල ලබාදෙන බවක් පෙනී යන්නේයැයි කියන පර්යේෂක පිරිස එය වැඩිදුරටත් දියුණු කිරීමට අදහස් කරගෙන සිටිති.

මැලේරියාව වැළදුණු පසු සිදුවන්නේ රතු රුධිර ෙසෙල විනාශ වීමයි.රතු රුධිර සෛල වලට රිංගන මැලේරියා පර්පෝෂිතයෝ ඒවා වල සිට ගුණනයවීමේ ප්‍රතිඵලයක් ලෙස රතු රුධිර ෙසෙල පුපුරා විනාශ වේ.මෙසේ ගුණනය වීමට සාමාන්‍යයෙන් පැය 48 ක පමණ කාලයක් ගතවන අතර මැලේරියාව වැළදුණු අයෙකුට පැය 48 කට පමණ වතාවක් වෙව්ලා උණ ගන්නේ මෙසේ පරපෝෂිතයින් ගුණනය වී රුධිර සෛල පුපුරුවාගෙන නිදහස්වීම නිසාය.

මෙම නව එන්නතින් සිදුකෙරෙන බව පැවසෙන්නේ මෙම පරපෝෂිතයින් ඔවුන් ආසාදනයව සිටින රතු රුධිර සෛල වලම සිර කර විනාශ කර දැමීම බව සදහන්ය.මේ අයුරින් ඔවුන්ට වෙනත් රතු රුධිර සෛල ආසාදනය කිරීමට ඇති ඉඩ අහුරා දැමිීම සිදුකෙරේ.

වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අදටත් මැලේරියාව නිසා වසරකට පුද්ගලයින් ලක්ෂ 6 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වේ.මරණ බොහෝමයක් වාර්තා වන්නේ අපි්‍රකාවේ සහරා ප්‍රදේශයෙන් හා ගිණිකොන දිග ආසියා ප්‍රදේශයෙනි.වසරකදී ලොව පුරා රටවලින් වාර්තා වන මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 20 ක පමණ අගයක් ගනී.මොවුන් අතරින් බොහෝ දෙනා මැලේරියාවෙන් සුව ලැබුවද නිට්ටාවටම ලබන්නෝ වේ නම් ඒ ඉතා අල්ප ප්‍රමාණයකි.



අදහස් (0)

ළදරු ප්‍රෝටීනයෙන් මැලේරියා මර්දන ඒන්නතක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site