
ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත් සුදුස්සකු පත් කර නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නසරැල්ලා ඝාතනයෙන් පසු, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුස්සා ලෙස සැලකෙන්නේ, හෂීම් සැෆිඩීන්ය. මොහු හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. ඊට අමතරව, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන්නේ ද සැෆිඩීන්ය.
හෂීම් සැෆිඩීන්, ඝාතනයට ලක් වූ නසරැල්ලාගේ ඥාති සොහොයුරාය. කෙසේ නමුත් පසුගිය සිකුරාදා (4) දිනයේ සිට හෂීම් සැෆිඩීන් අතුරුදන් බවත්, හිස්බුල්ලා සංවිධානය පවා ඔහු සිටින්නේ කොහෙදැයි නොදන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සිකුරාදා (4) ඊශ්‍රායල හමුදාව, බේරූට් නගරයේ, දාහියේ පළාතට ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ඇතැම් බටහිර මාධ්‍ය පවසා ඇත්තේ ඊශ්‍රායලය, ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව, හෂීම් සැෆිඩීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්න ඇති බවත්, ඔහු ද ගුවන් ප්‍රහාරවලින් මියයන්නට ඇති බවත්ය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිස්බුල්ලා නායකත්වයට තවම කවුරුවත් නැහැ