IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘හිස්බුල්ලා’ ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ

ලෙබනනයේ ෂියා මුස්ලිම් ‘හිස්බුල්ලා’ දේශපාලන පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂවලට ලෙබනන් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය.

පාර්ලිමේන්තුවේ බලය අහිමි වූයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දීය. හිස්බුල්ලා දේශපාලන පක්ෂය ඇතුළු ඊට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්වලට දිනා ගැනීමට හැකි වූයේ පාර්ලිමේන්තුවේ ආසන 128 න් ආසන 62 ක් පමණි.

ඇමෙරිකාව සලකන්නේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසය. හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. ලෙබනනයේ දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ දේශපාලන අංශයයි.
හිස්බුල්ලා දේශපාලන පක්ෂය තමන්ගේ ආසන තහවුරු කරගත්තත්, ලෙබනන් ජනාධිපති මයිකල් එයොන්ගේ ක්‍රිස්තියානි නිදහස් දේශප්‍රේමී ව්‍යාපාරය පක්ෂයට ඇති සහයෝගය අහිමි වී ඇත.

සෞදි අරාබිය සමග සමීප සම්බන්ධකම් ඇති ක්‍රිස්තියානි පක්ෂයට සහ ලෙබනන හමුදාවන්ට ඉන් වාසි අත්වුණැයි පැවැසෙයි. ලෙබනනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව පැවසූ ස්වාධින අපේක්ෂකයන් 13 දෙනකු පාර්ලිමේන්තුවේ ආසන දිනා ගැනීමට සමත් වී තිබේ.

හිස්බුල්ලා සහ ඊට සහාය දක්වන දේශපාලන පක්ෂ සන්ධානය 2018 වසරේ පැවති මහ මැතිවරණයේදී ආසන 71 දිනා ගැනීමට සමත් වී තිබුණි. මෙවර මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකි වූ බැවින්, ලෙබනනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ගැටලුවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලෙබනන ජනතාවගෙන් සියයට 80 ක් ධරිද්‍රතාවයෙන් පීඩා විදින බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

‘හිස්බුල්ලා’ ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site