IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිස්බුල්ලාට පහර දෙන්න යුද කැබිනට්ටුවේ අවසර

ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, සිරියානු දේශසීමාවේ පිහිටි ගෝලාන් කඳුකර ප්‍රදේශයේ, ක්‍රිඩාංගනයට ලෙබනනයේ හිස්බුල්ලා සටනන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයෙන්, දරුවන් 12 දෙනකු ඇතුළු 17 දෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමග යුද්ධයකට පැටළෙනු ඇතැයි බියක් හටගෙන තිබේ.

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ගනිමින් දිගට හරහට පහර දෙන්නැයි, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය ද ඔවුන්ගේ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ යුදෙව් ඊශ්‍රායලය අතර අර්බුදයක් පවතින්නේ ද ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් මියයෑම මුල්කොට ගනිමිනි.

ගාසා තීරයේ හමාස් සටන්කාමින්ට හිස්බුල්ලා සහ ඉරානය සහාය දක්වයි. ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය සමග යුද්ධයකට ගියහොත්, එය ඊශ්‍රායලට පමණක් නොව ආර්ථික අර්බුදයකට මුහුණ දෙන දේශපාලනික වශයෙන් ද අස්ථාවර වුණු ලෙබනනයට විශාල ගැටලුවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති. එසේ යුද්ධයක් හටගත්තොත්, හිස්බුල්ලා සංවිධානයේ සහායට ඉරානය ද ඉදිරිපත් වනු ඇත.

රොකට් ප්‍රහාරය එල්ල වූයේ ගෝලාන් කඳුකර ප්‍රදේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ආසන්නයේ ඇති ක්‍රීඩා පිට්ටනියකටය. ගෝලාන් කඳුකරය යනු ඊශ්‍රායලයට සහ සිරියාවට මැදිව පිහිටි සානුවකි. මෙහි වර්ග කිලෝ මීටර් 1,200 ක ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටී.දේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ද අයත් වන්නේ එසේ අත්පත් කරගනු ලැබ සිටින ප්‍රදේශයටය.

මේ අතර, මජ්ඩාල් ෂාම්ස් නගරය ආසන්නයේ ක්‍රීඩා පිට්ටනියට රොකට් ප්‍රහාර එල්ල කළේ ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද පවසා ඇත්තේ ඊශ්‍රායලයට සහාය පළ කරමිනි. ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව වීමට ද බලාපොරොත්තු වන කමලා හැරිස් ද එම හිස්බුල්ලා ප්‍රහාරය හෙලා දැක තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හිස්බුල්ලාට පහර දෙන්න යුද කැබිනට්ටුවේ අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site