IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හලෝ බිල කළ හදියක්

ජංගම දුරකථන බිල්පත මුල් කරගෙන සිය දෙමාපියන් සමග කලහයකින් පසු සිය පියාගේ මෝටර් රථය පැහැරගෙන සැතැපුම් 600 ක් දුර ගිය 13 හැවිරිදි පොඞ්ඩෙක්  බි‍්‍රතාන්‍යයේ සිටියි.

ගෝ කාර්ට් ධාවන තරග වල ප‍්‍රවීණයෙකු බව කියන මේ 13 හැවිරිදි පෝලන්ත ජාතික කොලූවා බි‍්‍රතාන්‍යය ජාතික යුවළ විසින්  හදාවඩා ගත්තෙකි බව හෙළිව ඇත.

මෙම මස ඔහුගේ ජංගම දුරකථනයේ බිල දෙමව්පියන්ගේ ඔළුව යකා නැංවීමට සමත්ව තිබෙන අතර බහින්බස් වීමකින් පසුව මේ පුත‍්‍රයා ගමන් බලපත‍්‍රය හා පවුම් 160 පමණක් අතැතිව සිය පියාගේ මර්සිඞීස් බෙන්ස් මෝටර් රථයට ගොඩවී එය පදවාගෙන ගියේය.සිය දරුවාද මෝටර් රථයද නිවසින් අතුරුදන්ව ඇති බව දැක කලබල වී ඇති දෙමව්පියන් වහා බළධාරීන් දැනුම්වත් කළේය.පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත්තේ ජර්මනියේදී වන අතර ඒ වන විට මේ කොල්ලා සිට ඇත්තේ සිය සැබෑ නිවහන පිහිටා ඇති පෝලන්තයෙන් කිලෝමිීටර 150 ක් තරම් වන දුරකිනි.

ප‍්‍රශ්න කිරීමේදී පෝලන්තයේ වෙසෙන සිය සොහොයුරිය මුණගැසීමේ අරමුණින් තමන් මේ ගමන පැමිණි බව ඔහු පවසා ඇත.පොලිසිය මවිතය පළ කරන්නේ මේ සා දුරක් කිසිවෙකුගේ සැකයට භාජනය නොවී ඔහු වාහනය පැදවීම ගැනයි.

බි‍්‍රතාන්‍යයේ සිට ඉතාලියටත් එහි සිට ඇල්ප්ස් කදුකරය ඔස්සේ ඔස්ටි‍්‍රයාවටත් අනතුරුව ජර්මනියටත් ඔහු රථය ධාවනට කරගෙන පැමිණ තිබේ.අත්අඩංගුවට පත්වන විට ඔහු ගමන් කර තිබූ මුළු දුර ප‍්‍රමාණය සැතැපුම් 600 කට ආසන්නය. සිය දරුවා සොයාගත් බවට ආරංචිය ලැබුණු සැනින් ඔහු යළි නිවස වෙත රැගෙන ඒමට බි‍්‍රතාන්‍යය ජාතික මව්පිය යුවළ ජර්මනිය බලා පියාසර කර ඇති බව සදහන්වේ.



අදහස් (0)

හලෝ බිල කළ හදියක්

නදුලි Monday, 14 January 2013 01:37 PM

මේ ළමය ඉන්නේ එංගලන්තේ නෙවේ ඉතාලියේ (ස)

:       0       0

ගාමිණී සිරිවර්ධන Tuesday, 15 January 2013 11:26 AM

කුඩා ළමයාගේ දක්ෂ රියදුරෙක්..!(නු)

:       0       0

ජෝසප් Monday, 14 January 2013 02:32 PM

දුරකතනයකට කරන්න පුළුවන් හදියක් (දී)

:       0       0

ප්‍රනාන්දු පාදෝවා Tuesday, 15 January 2013 03:48 AM

මේ සිදුවීම ඉතාලියේ සිදුවූවක්..!(නු)

:       0       0

මංජුල Tuesday, 15 January 2013 04:54 PM

බ්‍රිතාන්‍යයේ ඉඳල ඉතාලියට කාර් එකේ යන්න පුලුවන්ද? බ්‍රිතාන්‍යයේ ඉඳලා ප්‍රංශයට දුම්රියක් නම් තියෙනවා, මුහුද යටින්. මම දන්න තරමින් වාහන යන පාරක් නම් නැහැ. එහෙම පාරක් තිබුණත් ඉතාලියට යනවා නම් අනිවාර්යයෙන් ප්‍රංශය පහුකරගෙනනේ යන්න ඕනෑ. (නි)

:       0       0

සුදේෂ් Monday, 14 January 2013 11:40 AM

පිස්සු කොල්ලෝ... (නි)

:       0       0

බමුණුසිංහ Monday, 14 January 2013 05:11 PM

මට නම් ආඩම්බරයි කොලුවගේ වැඩේ ගැන. (නි)

:       0       0

අශෝක Tuesday, 15 January 2013 06:44 PM

බ්‍රිතාන්‍යයේ සිට ගොඩබිමින් ගමන් කරනවා නම් මේ වගේ තුන් ගුණයක් විතර දුර යන්න වෙනවා. ඒ නිසා මම හිතනවා ඉතාලියේ ඉදලා ගිය ගමනක් වෙන්න ඇති. අනික එංගලන්තයේ ඉදලා පෝලන්තයට​ යන්න ඉතාලි යන්න අවශ්‍යත් නැහැනෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site