IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හොලිවුඩ් නළු නිළි යුවළ ආධාර රැස් කරයි

ප්‍රසිද්ධ හොලිවුඩ් නලු යුවළක් වන මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් යුක්රේන සරණාගතයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 35 ක ආධාර එක්රැස් කිරීමට සමත් වී සිටිති.

මිලා කුනිස් යුක්රේනයේ උපත ලබා ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ හොලිවුඩය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි.

යුක්රේන සරණාගතයන් වෙනුවෙන් 65000 පමණ පිරිසක් මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් ගේ අරමුදලට ආධාර කර ඇති බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

කුචර්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝ පණිවිඩයක් තබමින් ආධාර කළ 65000 පිරිසට ස්තුති කිරීමටද කුචර් සහ කුනිස් යුවල අමතක නොකළ බව ද පැවැසෙයි.

මෙම සද්ක්‍රියාව සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ අවධානය යොමු විය.

ජනාධිපති සෙලෙන්ස්කි ගේ නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් හොලිවුඩ් නළු යුවළගේ මෙම සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වූ ජනාධිපති සෙලෙන්ස්කි යුවළගේි අධිෂ්ඨානශීලි බව සම්බන්ධයෙන් තමන් ඉතාමත් පැහැදුණු බව පැවසුවේය.

(ඩේලිමේල්)



අදහස් (0)

හොලිවුඩ් නළු නිළි යුවළ ආධාර රැස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site