රාජකීය තනතුරු අතහැර, රාජකීය කටයුතුවලින් ද ඉවත් වී, ස්ථිර පදිංචිය සඳහා ඇමෙරිකාවට ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්, නෙදර්ලන්තය බලා යන අතරතුරේ, මහා බ්‍රිතාන්‍යයට පැමිණ දෙවැනි එලිසබත් මහ රැජින මුහුණට මුහුණ හමුවූහ.
'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූ දා පටන්, දෙවැනි එලිසබත් මහ රැජින ජීවත්වන්නේ වින්ඩ්සර් මාලිගයේය. හැරී කුමරු සහ බිරිඳ මෙගාන් වින්ඩ්සර් මාලිගයට ගොස් එලිසබත් රැජින හමුවී කතාබහ කළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
96 හැවිරිදි මහ රැජින පසුගිය කාලයේ 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී රෝගී වූවාය. පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාව පමණක් නොව බූස්ටර් මාත්‍රාව ද ලබා ගෙන සිටි බැවින් මහ රැජින කිසිදු ගැටලුවකින් තොරව සුවය ලැබුවාය. කෙසේ නමුත් තමන් තවමත් සුපුරුදු සෞඛ්‍ය තත්ත්වයෙන් නොපෙළෙන බව මහ රැජින මාධ්‍ය හමුවේ පවසා තිබේ. ඇය කිසිදු උත්සවයකට හෝ සහභාගී වී නැත.
රජ පවුල අභ්‍යන්තරයේ පැවැති මත ගැටුම් නිසා හැරී කුමරු රාජකීය කටයුතු අත්හැර දමා මෙගාන් සමඟ ඇමෙරිකාවේ පදිංචියට ගියේ 2020 වසරේ මාර්තු මාසයේය.
ඉන්පසු හැරී කුමරු යළි මහා බ්‍රිතාන්‍යයට පැමිණියේ පසුගිය 2021 වසරේ අප්‍රේල් මාසයේ පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය්‍යටය. එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරු මහ රැජිනගේ ස්වාමි පුරුෂයා මෙන්ම හැරී කුමන්ගේ සීයා ය.
හැරී කුමරු අවස්ථා ගණනාවකදී තම මිත්තණිය වන දෙවැනි එලිසබත් මහ රැජින බැහැදැකීමට කැමැත්තෙන් පසුවන බව මාධ්‍ය හමුවේ පවසා තිබුණි. හැරී, බිරිඳ මෙගාන් ද සමඟ එලිසබත් මහ රැජින හමුවීමට තීරණය කළේ ඒ අනුව යැයි ද පැවැසෙයි.
හැරී මෙගාන් යුවළ නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන 'ඉන්වික්ටස් ගේම්ස්' ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට යන අතරතුරේය. 'ඉන්වික්ටස් ගේම්ස්' ක්‍රීඩා උළෙලේ තරඟ සඳහා සහභාගී වන්නේ ලොව නන්දෙසින් පැමිණෙන ආබාධිත රණවිරුවන්ය. මෙම ක්‍රීඩා උළෙල ආරම්භ කෙරුණේ හැරී කුමරුන්ගේ සංකල්පයකට අනුවය.
(ද සන්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැරී මෙගාන් රැජින බලන්න ගිහිල්ලා