IMG-LOGO

හැරී කුමරුන්ගේ පොත අපූරු විදියට විකුණන්න දාලා

නිරිතදිග එංගලන්තයේ ස්වින්ඩොන් නගරයේ බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයාර්’ නමැති ස්වයං චරිතාපදානය විකිණීමට ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය පිළිබඳ අන්තර්ජාලය තුළ කතා බහට ලක්ව තිබේ.

ඊට හේතුව වී ඇත්තේ එම පොත් සාප්පුවේ හැරී කුමරුගේ චරිතාපදානය විකිණීම සඳහා ප්‍රදර්ශනය කර ඇත්තේ බෙලා මැකී නමැති කතුවරියගේ ‘හව් ටු කිල් යෝර් ෆැමලි’ (ඔබේ පවුල වනසන්නේ කෙසේද?) යන නවකතාව සමඟ නිසාය.

බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයාර්’ කෘතිය, ‘ඔබේ පවුල වනසන්නේ කෙසේද? නවකතාව සමඟ විකිණීමට තැබීමෙන් ‘ස්පෙයාර්’ චරිතාපදානය මගින් හැරී කුමරු තම රජ පවුලේ ගෞරවය හැරී කුමරු විනාශ කළ ආකාරය, බර්ට්ස් පොත්හල ජනතාවට පෙන්වීමට උත්සාහ ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් දක්වා තිබේ.

බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයා’ චරිතාපදානය ප්‍රදර්ශනය කර ඇති ආකාරය පිළිබඳ සංසරණය වන ඡායාරූපය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් අදහස් හුවමාරු වන අතර එම ඡායාරූපයට විශාල පිරිසක් කැමැත්ත පළ කර ඇතැයි ද දැනගන්න ලැබේ.

හැරී කුමරුන් ලියූ ‘ස්පෙයාර්’ චරිතාපදානය භාෂා 16 කට පරිවර්තනය කර ඇත. මෙම කෘතිය එළිදැක්වීම සිදුවිය. පසුගිය කාලය පුරාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ සෙසු සාමාජිකයන් සමඟ හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ගැටුණු ආකාරය මෙම පොතේ සඳහන් වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

හැරී කුමරුන්ගේ පොත අපූරු විදියට විකුණන්න දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 71 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 669 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site