පාකිස්තාන මහ මැතිවරණය 8 වැනිදා පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඉම්රාන්ගේ රජයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂි බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චෝදනාවලට ලක් වී සිර දඬුවම් විඳින බැවින්, හිටපු ක්‍රිකට් තරුවක් ද වන 71 හැවිරිදි ඉම්රාන්ට මෙවර මැතිවරණයට සහභාගී වීමට නොහැකිය. ඉම්රාන්ගේ අඩුව පුරවමින්, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට නායකත්වය දෙන්නේ ගොහාර් අලී ඛාන් ය. ගොහාර් අලී ඛාන් නීතීඥවරයෙක් ද වෙයි.
ඉම්රාන් සහ හිටපු විදේශ අමාත්‍ය 67 හැවිරිදි ෂා මහමුද් කුරේෂි සිරගත කර ඇත්තේ රාවුල් පිණ්ඩි නුවර, අධි ආරක්ෂිත අදිඅල්ලා බන්ධනාගාරයේය. විශේෂ අධිකරණයක හමුවේ වරදකරුවන් වූ ඉම්රාන්ටත්, කුරේෂිටත් දස වසරක සිරදඬුවම් ලබා දී තිබේ. ඊට අමතරව, ඉම්රාන්ට තවත් චෝදනා රැසක් යටතේ සිරදඬුවම් නියම වී තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ
Perera Wednesday, 07 February 2024 09:32 AM
ඉම්රාන්ට එහෙම වුණත් අපේ අයට එහෙම වෙන්නේ නෑ. රට වික්කත් හිරේ යන්නේ නෑ...