IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා

බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇත. ඒ, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පසුගිය දින කීපයේ සිදු කළ විරෝධතා සම්බන්ධයෙනි.

‘තරීක් ඊ ඉන්සාෆ්’ විරෝධතා පවත්වන්නේ, බන් ධනාගාරගතව සිටින ඉම්රාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන රජයට බලපෑම් කරමිනි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධතා හේතුවෙන් පසුගිය දා ඉස්ලාමාබාද් අගනුවර ‘ලොක්ඩවුන්’ කෙරුණු බව ද පැවැසෙයි. විරෝධතා පාලනය කිරීමට හමුදාව යෙදවිණි.

පාකිස්තාන මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇති ආකාරයට ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මෑතදී කළ විරෝධතා සම්බන්ධයෙන් නඩු හතකට අදාලව හිටපු අග්‍රාමාත්‍යවරයා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය නියෝග කර ඇත.
එම විරෝධතා මෙහෙයවීම සිදු කළේ යැයි ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීට ද චෝදනා එල්ල වී ඇත. 

‘තරීක් ඊ ඉන්සාෆ්’ යනු ඉම්රාන් ඛාන් විසින් පිහිටුවනු ලැබූ දේශපාලන පක්ෂයයි. බිරිඳ බුෂ්රා බීබී චෝදනා නගා ඇත්තේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්, විරෝධතා නිසි පරිදි මෙහෙයවීමට කටයුතු නොකළ බවය.



අදහස් (0)

හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site