IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හමේ තුවාල සුව කරන පිරික්සුමෙන් ‘ලොකු තුවාලයක්‘

සුදු රුධිරාණු වල ඇති කුඹ සෛල ආධාරයෙන් සමෙහි තුවල සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීම නිසාද පසුව එහි වූ ගැටලූකාරී බව නිසා මුළු පර්යේෂණයම නිශ්ප්‍රභ කිරීම නිසාද ලෝකයේම අවධානය දිනාගත් ජපාන පර්යේෂක පිරිසේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

පර්යේෂණ කණ්ඩායමේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු වන යොෂිකි සායි මෙසේ සියදිවි නසාගෙන ඇතැයි සදහන්ය.

සයන්ස් ජර්නලයේ පළවී තිබූ මෙම මුළු පර්යේෂණයම එම පර්යේෂණයේ නිගමනයන් කරා එළැඹීමට යොදාගෙන තිබූ ක්‍රමවේදයේ ගැටලූකාරී තත්ත්වය නිසා පසුව සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමීම සිදුවිය.

මෙසේ පර්යේෂණයක් සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමිමේ සිදුවීම් ඉතා විරලය.

යොෂිකි සායි ඇතුළු පර්යේෂක පිරිස ජපානයේ ‘‘රිකෙන්‘‘ ආයතනයේ සේවය කළෝ වෙති.

සොයාගැනීම නිමිත්තෙන් මෙම වසර මුලදී පැවැති හමුවේදී පර්යේෂණයෙන් කුඹ සෛල ආධාරයෙන් සම සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගත්තේ යැයි ඔවුහු පැවසූහ. මීයන්ගේ සෛලලයන් මධ්‍ය අම්ලකර පරිසර තත්ත්ව වල තැබීමෙන් ඒවා කුඹ සෛල බවට පත්වන බව සොයාගත්තේ යැයිද මෙම ක්‍රමවේදය තවදුරටත් දියුණු කිරීමෙන් විවිධාකාර ලෙඩ රෝග වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන තුවාළ ඉක්මනින් සුවපත් කර ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවනු ඇතැයිද ඔවුහු කියා සිටියහ.

නමුත් පසුව සිදුකෙරුණු විමර්ශණයන්ගෙන් අනාවරණය වූයේ පර්යේෂක කණ්ඩායම නිගමනයන්ට එළැඹීමට භාවිතා කර ඇති ක්‍රම වල ගැටලූ පවතින බවයි. මේ නිසා මුලූ පර්යේෂණයම නිශ්ප්‍රභා කර දැමීම සිදුවුණි.

මෙය ජපානයේ මෙන්ම ලෝක මාධ්‍යයන්ද වාර්තා කළේ සමස්ථ ජපාන විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයටම සිදුවූ නොමැකෙන කැළළක් ලෙසය.

රිකෙන් ආයතනය සිදුකළ විමර්ශණයකින් පර්යේෂණ කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකු සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයි සොයාගැනීමට හැකිවූවත් යොෂිකි සායි එහි සම්පූර්ණ වරද තමන් අත තිබුණේයැයි සිතා සිටි බව ඔහුගේ මිතුරෝ කියති.

1407236347530_wps_1_In_this_January_28_2014_plarge



අදහස් (0)

හමේ තුවාල සුව කරන පිරික්සුමෙන් ‘ලොකු තුවාලයක්‘

ගාමිණී - සිරි Wednesday, 06 August 2014 03:16 PM

ජපන් ජාතික යොෂිකි සායි හද පත්ලෙන්ම තම පර්යේක්ෂණ කටයුතු කලබව පෙනී යනවා.ජපන් ජාතිකයන් අවංක,නීති ගරුක,නිහතමානී ,කඩිසර ,නැණවත් ජාතියක්. නමුත් සුළු දෙයකටත් කම්පාවෙන ,ඉතාමත් සංවේදී ජාතියක්. ඊළඟ ප්‍රයත්නයේදී ජයග්‍රහණය පෙන්නුම් කිරීමට හැකියාව තිබුනත් හිත් වේදනාව උසුලාගැනීමේ ශක්තියක් පෞද්ගලික ජීවිතයේ ඔවුන්ට නැත.කණගාටු දායක සිද්ධියක් ! (අ)

:       0       0

සංජීව Wednesday, 06 August 2014 05:25 PM

ඇයි මෙහෙම උත්සාහය අත්හැරියේ? (නි)

:       0       0

ජයත් Thursday, 07 August 2014 06:44 AM

ආත්ම ගාතනය ජපාන සංස්කෘතියේ ලක්ෂණයක් මේ වගේ සම්පූර්ණ පරික්ෂනයම අසාර්ථක උන තැන් තව තියනවා නමුත් ඒවා කරපු අය ජපන් ජාතිකයන් නොවෙයි (දී)

:       0       0

තාරක Thursday, 07 August 2014 07:34 AM

ජිවිතේ නැති කර ගන්න අවශ්‍ය නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site