
‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හොංකොං සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට එරට සෞඛ්‍ය අංශ තමන්ට උපදෙස් ලබා දී ඇතැයි හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හොංකොං නුවර, සුරතල් සතුන් අලෙවිසැලක, අලෙවියට තැබූ හැම්ස්ටර් මීයකුට ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබේ. සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට සෞඛ්‍ය අංශ තීරනය කර ඇත්තේ මේ නිසාය.
එම හැම්ස්ටර් මීයාට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත්තේ වෙළෙඳසැලේ සේවකයකුගෙනි. එම සේවකයාට ආසාදනය වූයේ ‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතිය යැයි පසුව අනාවරණය විය. හැම්ස්ටර් සතුන් හොංකොං බලා රැගෙනවිත් ඇත්තේ නෙදර්ලන්තයෙනි. ඒ අනුව, ‘කොවිඩ් 19’ ආසාදිත හැම්ස්ටර් සත්වයා ඇතුළු සෙසු හැම්ස්ටර් සතුන් 2,000 ක් මරා දැමීමට සිදුවනු ඇති බව හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19’ අයත් වන්නේ ‘කොරෝනා’ වයිරස පවුලටය. ‘කොරෝනා’ යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. ‘කොවිඩ් 19’ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් වාර්තා විය. වයිරසය වවුලන් සහ කබැල්ලෑවන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වූ බව පැවැසෙයි. කෙසේ නමුත් මෙය සියයක් තහවුරු වී නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැම්ස්ටරයන් 2,000 ක් මරන්න තීරණයක්
වීරවිජේ Thursday, 20 January 2022 12:47 PM
මිනිස්සුත් ඔහොම මරනවාද?
රිතික් Thursday, 20 January 2022 01:07 PM
මම නම් දිනපතාම පාහේ අන්තර්ජාලය ඔස්සේ හැම්ස්ටරයින්ගේ විඩියෝ නරඹනවා
Kumar Friday, 21 January 2022 02:35 AM
ඇයි ලංකාවේ බලධාරීන්ට කොළඹ දිස්ත්‍රික් වෙරළ තීරයේ කිඹුලන් මරන්න බැරි ???