ඉන්දියන් සාගරයේ මැඩගස්කරය ආසන්න රියුනියන් දූපතේ වෙරළෙන් හමුවූ යානා කොටස අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ යැයි ස්ථිරවම කිව නොහැකියැයි යානය නිපදවූ ස්පාඤ්ඤ සමාගම පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා ඇත්තේ මේ කොටස බොයිං 777 යානයක බවයි. එසේ වුවද එය අතුරුදන් යානයේ බවට ස්ථිර කළ නොහැකියැයි ද එම සමාගම වාර්තා කැර ඇත.
මලයාසියානු අගමැතිවරයා සති කීපයකට පෙර පැහැදිලිවම ප්‍රකාශ කලේ මෙම කොටස් අතුරුදන් එම්එච් 370 යානයේ කොටස් බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ පරික්ෂකයන් ද පැවසුවේ හමුවි ඇති කොටස් සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රබල විශ්වාසයක් තිබෙන බවත් කෙසේ වෙතත් මේබව තහවුරු කර ගැනීමට හමුවී ඇති කොටසේ යකඩ තහඩුවල විශ්වාසය පිලිබඳව වැඩිදුර පරික්ෂණ අවශ්‍ය බවයි.
පරීක්ෂණ පැවැත්වූ ස්පාඤ්ඤ සමාගම පවසන පරිදි සොයාගෙන ඇත්තේ ද බෝයින් 777 යානයක කොටසකි එම්එච් 370 ද බෝයින් 777 වර්ගයේ යානයකි. කෙසේ වෙතත් මෙම කොටස අතුරුදන් යානයේම කොටසක් දැයි ස්ථිරවම ප්‍රකාශකර නොහැකි බව එම සමාගම පැවසු බව සීඑන්එන් පුවත් සේවා වාර්තාවේ දැක්වේ.
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුවූ යානා කොටස ගැන තවමත් සැකයි
පහන් Tuesday, 01 September 2015 09:55 AM
ඉතින් ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන්නකෝ එයාලගේමද කියල දැනගන්න (අ)