IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හාම්පුතුන්ට වාසි ලැබෙයි : සෞදි රැකියා වැඩිවෙයි

මෙතෙක් කලක් සෞදි අරාබියට ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වීම සඳහා විදේශ රැකියා ආයතන විසින් සෞදි හාම්පුතුන්ගෙන් අය කළ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි රියාද් 4000කින් (රුපියල් 142600) අඩු කිරීමට පියවර ගන්නා බව පසුගිය සතියේ සෞදි අරාබියේ සංචාරයක නිරතවූ  ශ්‍රී ලංකා විදේශ රැකියා සංගමයේ සභාපති ෆයිසර් මකින් මහතා සදහන් කළේය.

රියාද් නුවරට පැමිණි විදේශ රැකියා සංගමය සභාපති  ෆයිසර් මකින් මහතා සඳහන් කරනුයේ ශ්‍රී ලාංකික කතුන් සදහා  තව තවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා ලබාදීමේ මුලික පියවරක් ලෙස මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තාවක් මෙරටට ගෙන්වීම සදහා අයකරන ලද සෞදි රියාල් 15.000 ක මුදල රියාල් 11,000 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා සංගමය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් හය දහසක් පමණ සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස මාසයකට පැමිණීම දස දහස දක්වා වැඩි කිරීම මෙහි එක් අරමුණක් බවද ෆයිසර් මකින් මහතා සදහන් කළේය. සෞදි පාර්ශවයෙන් මෙම ගාස්තු අවම කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට රාමසාන් මාසයෙන් පෙර හෝ රාමසාන් මාසයෙන් පසුව සෞදි කම්කරු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවද සඳහන් කරයි.

කෙසේ වුවද සෞදි අරාබියේ ගෘහ පාලිකා සහ ගෘහ සේවක ඇතුළු අනිකුත් ගෘහස්ත  රැකියා  සදහා පැමිණීමට යෝජිත කාන්තාවන් සහ පිරිමින් සදහා සති තුනක කාලයක් පෙර පුහුණුවක් ලබා දීමට නියමිතය. මෙම කරුණු පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සෞදි රජය විසින් මෙම වස‍ර මුල් කාර්තුවේදී රියාද් නුවරදී  ගිවිසුමක්ද අත්සන් කළ බවද ඔහු සඳහන් කරයි. මකින් මහතා කීවේ විදෙස් ගතවන සියලුම ගෘහ පාලිකාවන්ට තම ගමන් බලපතෙහි අදාළ රැකියාව පිළිබඳවත් ලැබිය යුතු වැටුප් සහ වැටුප ගෙවන බැංකු සටහන්ද අදාළ ගිවිසුමද තම භාෂාවෙන් ලබා දීමට නියමිත බවයි.

මේ වනවිට ගල්ෆ් කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන 1.7 විවිධ රැකියාවල යෙදෙමින් ශ්‍රී ලංකාවට විශාල විදෙස් විනිමයක් වාර්ෂිකව උපයා දෙනු ලබයි.

විශේෂ ස්තුතිය මොහොමඩ් රසුල්දීන් මහතා - ඇරැබ් නිවුස් රියාද්

 



අදහස් (0)

හාම්පුතුන්ට වාසි ලැබෙයි : සෞදි රැකියා වැඩිවෙයි

රිසුවන් Tuesday, 02 June 2015 01:39 PM

අරාබියට කාන්තාවන් යවන එක වහාම නැවැත්විය යුතුයි (නි)

:       0       0

විමුක්ති Tuesday, 02 June 2015 01:47 PM

අනේ අපේ මහ ලොකු අභිමානවත් 2500 වසරක ඉතිහාසය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ගැහැණු පිටරට යවලා හරිහම්බ කරගන්නා ජාතියක් අපි (නි)

:       0       0

අශෝක රළපනාව Tuesday, 02 June 2015 02:23 PM

මේ අයට තේරෙන්නේ නැහැ මෙහෙ ගැහැණුන්ට කරන වද හිංසා (නි)

:       0       0

ලක්මාල් Tuesday, 02 June 2015 02:23 PM

අනේ අපේ වීරයා නැහැනේ මේවා විසඳන්න (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 02 June 2015 02:58 PM

අපේ ශ්‍රමය විදේශයට විකුණන වඩා හොඳයි එම ශ්‍රමය උපයෝගී කරගෙන යම් නිෂ්පාදනයක් කරලා අපනයනය කරන එක. රජය කළයුතු ඒ වගේ දේවල්. 1977න් පසු ආ ආණ්ඩු කළ වැඩ තමයි කාන්තාවන් රැකියා වලට පිටරට යැවීම. (නි)

:       0       0

රජින්ද Tuesday, 02 June 2015 03:50 PM

යහපාලන ආණ්ඩුවේ එක්කෙනෙක් කියනවා විදෙස් ගතවන කාන්තා ශ්‍රමය අවම කරවලා ඒ ශ්‍රමය මේ රටේ යොදවන්න ඕනෙයි කියලා. අනික් පැත්තෙන් නිලධාරීන් කියනවා තවත් වැඩිපුර විදෙස්ගත කරවීමයි එයාලගේ බලාපොරොත්තුව කියල. කොහොමත් අරාබි රටවලට සිංහල ගැහැණු අය වැඩිපුර පටවන්න හදන එකේ රහස අපට වැටහෙනවා. (බ)

:       0       0

දිනිත් Wednesday, 03 June 2015 08:08 AM

මේ තීරනය අරන් තියෙන්නෙ "ශ්‍රී ලංකා විදේශ ‍රැකියා සංගමයේ සභාපති", ඒ කියන්නෙ ඒජන්සි කාරයන්ගේ සභාපති....ඒක ඒ අයගෙ ආදායම් මාර්ගය නිසා උන්ට ඕන සල්ලි හම්බ කරන්න....අපේ ගෑනුන්ට හෙන ගැහුවත් කමක් නෑ, පුලුවන් තරම් වැඩිපුර සවුදි පටවන්න තමයි ඒ අය හදන්නෙ......මේක ගැන රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන..."කාන්තාවන් ගෘහ සේවය සඳහා යවන්නෙ නැහැ" කියල....ඒකයි තියෙන විසදුම....එහෙම කලොත් රටට එන විදේශ විනිමය අඩු වීමෙන් ආර්ථිකයට වෙන බලපෑම අඩු කර ගන්න, කාන්තාවන් හෙදියන්, සාත්තු සේවිකාවන් විදියට එවීම ගැන සලකා බැලිය යුතුයි. (නදී)

:       0       0

අතුල Tuesday, 02 June 2015 05:25 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සරත් මුදලිගේ Tuesday, 02 June 2015 11:34 PM

මගේ නම් දැනිමේ හැටිය වියයුත්තේ හාම්පුතුන්ට සහන ලබාදීම නොව ශ්‍රමිකයාට සහන ලබාගැනිමට සාකච්ඡා කර සහන සහ සාධාරන වැටුපක් ලබාදිමට කටයුතු කිරීමයි. ලංකාවේදි පොරොන්දු වැටුපවත් නොලැබෙන බව මා වගකිමෙන් පවසමි. පොරොන්දු පත්‍රයවත් නොසළකන අතර දෛනිකව වැඩකරන පැය ගණනක් නැත. සමහර ශ්‍රමිකයන් පැය 18ක් පමණ නොකඩවා වැඩ කරයි. සතියේ දින 7ම මෙසේ සේවය කරයි. එහෙත් ලැබෙනුයේ සොච්චම් වැටුපකි. නොයෙක් අඩම්තේට්ටම් හමුවේ ඔවුන් සේවය කරන අතර රැකියා නියෝජිතයාගේ කිසිදු වරපුසාදයක් ශ්‍රමිකයාට නොලැබේ. වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ශ්‍රමිකයන් විදේශගත කරන්නේ නම් ඔවුන්ට සේවයට සරිලන වැටුපක් සහ අනෙකුත් පහසුකම් ලබාදෙන ආකාරයට සාකච්ඡා කර පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි. විදේශ විනිමය රටට අවශ්‍ය නම් පාලකයින්ගේ වගකිම එය උපරිමයෙන් ලබාගැනිමට කටයුතු කිරිමයි (නි)

:       0       0

සරත් මුදලිගේ Wednesday, 03 June 2015 12:10 AM

පැහැදිලි ප්‍රතිපත්තියක් අනුව විදේශගත නොකරන්නේ නම් රටට සහ ශ්‍රමිකයාට කිසිදු යහපතක් අත්නොවන බව නම් සත්‍යයකි. අනික මේ රටවලදි මුහුණපාන ගැටලු විදේස සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කිරිමට 24පැයේ ක්‍රියාමකවන විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙසත් එහි අන්තර්ජාල දුරකතන ඇමතුම් ජාලයක් ක්‍රියාත්මක කර (ස්කයිප්)එය මාධ්‍ය මඟින් ශ්‍රමිකයනට දැනුවත් කරන ලෙසත් මා යෝජනා කරමි (නි)

:       0       0

අසාන්ත Wednesday, 03 June 2015 02:04 AM

අපේ ගෑනු රට යවන පිරිමි ගැහැණු වෙලා. මීට වැඩිය හොඳයි මාළු අල්ලන්න යනවා (නදී)

:       0       0

මහේශ් රනසිංහ Wednesday, 03 June 2015 12:39 PM

ඔබ මේ පුවත දැමීම අගය කරමි, එහෙත් පසුව මෙහි ඇති අගතිය පිළිබඳවත් පුවතක් දැමීම වඩා උචිත යයි සිතමි (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site